( ඩී.ජී.සුගතපාල)
නඩුවක සාක්කි දිම සඳහා අධිකරණයේ පෙනි නොසිටිම හේතුවෙන් වරෙන්තු ලබා සිටි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා අද (07) මෝසමක් ගොනුකොට ජ්‍යෙෂ්ඨ නිතිඥ රජින්ද්‍ර නාරංගොඩ මහතා මගින් අධිකරණයට බාරවු අවස්ථාවේ වරෙන්තුව ආපසු කැඳවිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කළේය.
මනූෂ නානායක්කාර මහතා මගින් ජපන් රටේ රැකියාවලට යවන බව පවසා තරුණයින්ගෙන් මුදල් වංචා කිරිමට තැත් කිරිම සම්බන්ධයෙන් සැකකරුවෙකුට එරෙහිව පවරා තිබෙන නඩුවේ පැමිණිල්ලේ පළමුවන සාක්කිකරු ලෙස නම්කර සිටින මන්ත්‍රිවරයා සාක්කි දිම සඳහා ඉකුත් 4වනදින අධිකරණයේ පෙනි සිටිමට නියමිතව තිබුනත් අධිකරණයේ පෙනි නොසිටිම නිසා එදින වරෙන්තු නිකුත් කරනු ලැබිය.
තංගල්ලේ තරුණයෙකු දික්වැල්ලේ මිතුරෙකු සමග ජපන් භාෂාව හදාරා ඇති අතර දික්වැල්ලේ මිතුරාගේ පියා තංගල්ලේ තරුණයාට ගාල්ල හපුගල පදිංචි පුද්ගලයෙකු හඳුන්වා දි ඔහු වතු අධිකාරිවරයෙකු බවත් මනූෂ නානායක්කාර මහතා මගින් ජපන් රටේ රැකියා ලබාදිමට ඔහුට හැකි බවත් පවසා තිබේ.
ඒ අනුව තංගල්ලේ තරුණයා එම පුද්ගලයා සමග කතා කිරිමේදි මන්ත්‍රිවරයා මගින් ජපන් රටේ රැකියාවලට යැවිමට හැකි බවත් ඒ සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ හතරක් අවශ්‍ය බවත් පවසා ඇත.
පසුව 2019 පෙබරවාරි23 වනදින තරුණයා මුදල් ලබාදිම සඳහා ගාල්ලට පැමිණ ඇති අතර රාගම තරුණයෙකුද මුදල් ලබාදිම සඳහා පැමිණ ඇත. එම ස්ථානයට පැමිණි සැකකරු අදදින මන්ත්‍රිවරයා නොමැති බවත් එය ඉටුකරදිම සඳහා පළමුව රුපියල් ලක්ෂ දෙක බැගින් ලබා දෙන ලෙසත් සැකකරු ඉල්ලා තිබේ.
එම අවස්ථාවේ සැකයක් ඇතිවු තරුණයා තම මිතුරෙකුට දුර කතන ඇමතුමක් ලබාදි මේ පිළිබඳව විමසිමේදි මෙය වංචාවක් බවත් මුදල් ලබා නොදෙන බවත් දන්වා ඇත.පසුව තංගල්ලේ සිට පැමිණි තරුණයා පොලිසියට පැමිණිලි කර තිබේ.
පසුව පොලිසිය විසින් වක්වැල්ල හපුගල පදිංචි නානායක්කාර ලියන පතිරණ චන්ද්‍රලාල් නමැති 62 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පවරා ඇත. මේ සම්බන්ධ නඩුවේ පළමුවන සාක්කිකරු ලෙස මනුෂ නානානයක්කාර මහතා නම් කර ඇත.වැඩිදුර නඩු විභාගය නොවැම්බර් 6 වනදිනට කල් තබන ලදි.
2025 දෙසැම්බර් මස 18
653
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මනූෂ බාර වීමෙන් වරෙන්තු ආපසු කැඳවයි