මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් රොහින්ග්‍යාවරුන්ගේ අර්බුදය සම්බන්ධයෙන් මියන්මාර ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීම වළක්වාලීමට කටයුතු කළ බව එම සංවිධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ සම්බන්ධයෙන් ආධාර සපයන ප්‍රජාවගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන අභ්‍යන්තරයෙන් බී.බී.සී පුවත්සේවයට තොරතුරු ලැබී තිබේ. මානව හිමිකම් නියෝජිතයන් රොහින්ග්‍යාවරුන් ජීවත්වන ප්‍රදේශවල සංචාරය කිරීම වැළැක්වීමට මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කටයුතු කළ බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජිතයකු පවසා තිබේ.
කෙසේ නමුත් මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා මෙය ප්‍රතික්ෂේප කර තිබේ.
වසර ගණනක් තිස්සේ පවතින රොහින්ග්‍යා අර්බුදය අලුත් වූයේ ඉකුත් අගෝස්තු 25 වැනිදාය. එතැන් පටන් එක්සත් ජාතීන්ගේ සංවිධානය රොහින්ග්‍යාවරුන්ට ආධාර සපයමින් මියන්මාර ආණ්ඩුව විවේචනය කරමින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළේය.
මීට සිව්වසරකට පෙර මියන්මාරයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබෙන්නේ කැනේඩියානු ජාතික රෙනාටා ලොක් ඩැසලීන්ය. ඇය පසුගිය ජූනි මාසයේදී එම තනතුරෙන් ඉවත් කර තිබේ. ඇය තනතුරෙන් ඉවත් කර තිබෙන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය නොදී කටයුතු කිරීම හේතුවෙනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව මීට පෙර නිසි ක්‍රියාමාර්ග ගත්තා නම් රොහින්ග්‍යා අර්බුදය මෙතරම් දිග්ගැස්සෙන්නේ නැතැයි ද විදෙස් පුවත් සේවා, මානව හිමිකම් ක්‍රියාකාරීහූ ඇතුළු පිරිස් පෙන්වාදෙති.
(ඒ.එෆ්.පී/රොයිටර්-055)
COMMENTS
පව්, අහිංසක දරුවන්... දුක, වේදනාව කාට කියන්නද? අපේ රටේත් නරුමයන් හිටියා නේ... මෙවැනි අයට හිරිහැර කරන්න...
ජයන්ත ඔබත් උපන් රට අතහැරලා පිටරට බැලමෙහෙවරකම් කරන අයනේ.... ඉතින් ලෝකයටම කරුමයක් වුණ අය අපේ රටට එන එක ගැන ප්‍රශ්නයක් ඔයාලට නැහැනේ. මේ රට අපේ දරුවන්ට ඉතිරි කරගන්න එක මේ රටට අාදරය කරන, මේ රටේ ජීවත් වන අපේ වගකීමයි.
එල්ටීටීඊ සරණාගතයන්ට රැකවරණ ලබාදුන් රටවල් කලේ ශ්‍රී ලංකාවට එරෙහි ත්‍රස්තවාදයට උදව් කිරීමකි. ඒ ආකාරයටම මියන්මාරයේ ත්‍රස්තවාදයට ශ්‍රී ලංකාව උදව් කිරීම වැරදි බව කිව යුතුය.
ලංකා අාණ්ඩුවට ලංකාවේ ඉන්න ජනතාවවත් බලා ගන්න බැරි එකේ සරණාගතයන් බලාගන්න බැරි එක අැත්ත. ඔවුන් අදාල රටවලට යැවිය යුතු බවත් අැත්ත. ඔවුන් අන් රටවල දක්වන් හැසිරීමද ඉතාම නරක බවත් අැත්තය. නමුත් කිරිසප්පයන්ට ගෑනුන්ට ගල් ගැසීම සිංහලකමද, බෞද්ධකමද? බුදු හාමුදුරුවො මොන සූත්තරේද එහෙම දේශනා කරලා තියෙන්නේ. මේවාගෙන් ලෝකයා තේරුම් ගන්නේ අපි තාමත් පරිණාමය නොවුන වානර යුගයේ සිටින්නන් බවයි. ඉතාම සුලු පිරිසක් මෙහෙම කලාට ලෝකෙට යන්නේ මේක මුුලු ජාතියේම හැසිරීමක් විදියට. මේවා යුධ අපරාධ චෝදනා වලට අපේ විරුද්ධ වාදීන්ට නිදර්ශන විතරයි.
අපි රටක් විදිහට ලැජ්ජා විය යුතුයි. අපේ අය ලක්ෂ 30කට ආසන්න පිරිසක් මැදපෙරදිග වැඩේ කරනවා. ඒ රටේ මිනිස්සු ඔක්කොටම සලකන්නේ එකම විදිහකට. ඒ රටවල මිනිස්සු එහෙම සලකන්නේ නැත. ඇරත් තාවකාලික නැවැත්වීමක් පමණයි.
ඒ රටේදී අපට " සමානව සලකන හැටි " ඔන්න දැනගන්න මුලදීම.... ඔහොම සමානව සලකන්න පටන්ගන්නවා ගුවන්තොටුපලේදී මුල් දවසෙම . අනවශ්‍ය ප්‍රශ්න ,රස්තයාදු කිරීම් කරලා රට ඇතුළට ගන්නවා ඊට පස්සේ බැංකුවලදී පාරේ තොටේදී , කඩපිල් වලදී සල කන්නේ බල්ලන්ට වගේ ( හොඳ අය අතරින් පතර ඉන්නවා ) . මේ තත්වය සුද්දන්ට ඇරෙන්න සියලු ආසියාතිකයන්ට පොදුයි...
ලංකාවේ යුද්ධය තියෙන වෙලාවේ විදෙස් මාධ්‍යය දැම්මේ ඔය තැටියම තමයි. ඒ බව මතක තබාගන්න.