නයනජිව බණ්ඩාර
මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ අද (25) පැවති මොනරාගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමේදී ආසන පැනවීමේ ප්‍රශ්නයක් මුල්කර ගනිමින් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා හයක සභාපතිවරු හා ප්‍රදේශීය සභා දෙකක උප සභාපතිවරු දෙදනෙකු රැස්වීමට සහභාගී නොවී පිටව ගියහ.
මෙසේ පිටව යන ලද්දේ මොනරාගල,බිබිල,මඩුල්ල,බුත්තල,වැල්ලවාය,බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් හා මැදගම හා සියඹලාණ්ඩුව යන ප්‍රාදේශිය සභාවල උප සභාපතිවරුන්ය.
මේ පිළිබඳව අදහස් දැක්වු මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම් රත්නවීර මහතා පැවසුවේ සාමාන්‍යයෙන් ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට ආසන පැනවීම සිදුකරන්නේ වේදිකාවේ ඉහළ උවත් මෙවර ආසන පනවා තිබුණේ වේදිකාවේ පහළින් බවයි.
“අපට ප්‍රාදේශීය සභා සභාපති තනතුර හැල්ලු කරන්න දෙන්න බැහැ. වේදිකාවේ ආසන පනවන්න ඉඩ තිබියදී එසේ නොකළාට විරෝධය පැමකුයි අප කලේ“ මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ප්‍රාදේශීය රජවරුන්ට නිසි අසුන් පනවා දෙපා සෝදා ගෞරව නොදැක්වීම සම්බන්ධයෙන් දිසා ලේඛම් වගකිව යුතුය. මහජන සේවයේ නියුතු මෙවැනි මහජන සේවකයින්ට ගෞරව කලයුතුය. ,
මේ වගේ අය ගිහින් තියෙන්නේ ජනතාවට සේවය කරන්න නෙවෙයි.
මොණරාගල දිසාපතිවරයා කල්පනා කරන්න ඇති මේ පොල්ලෙළි ගොඩක් ඉස්සරහා තියාගෙන කොහොමද දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම තියන්නේ?
මින් ඉදිරියට දිසාපති ධුරයටත් සුදුස්සන්ව ඡන්දෙන් පත් කර ගැනීම සුදුසුයි. අන්න එතකොට දේශපාලකයින් නොම්මර එකට රට සංවර්ධනය කරාවි !
මින් ඉදිරියට දිසාපති ධුරයටත් සුදුස්සන්ව ඡන්දෙන් පත් කර ගැනීම සුදුසුයි. ආන්න එතකොට දේශපාලකයෝ නොම්මර එකට රට සංවර්ධනය කරාවි !
මේ සභාපතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඔයාලා බලන්න. මා දන්නා පරිදි කිසිම කෙනෙකුට උපාධියක් නැහැ. මේ මිනිස්සු කොහෙද ජනතාවට සේවය කරන්නේ
මේ සභාපතිලා අයිති පක්ෂ නායකයෙක් මේ ය ගැන තීරණයක් ගත යුතුයි. මේ අය අපට නම් හාල්පරුවෝය.