(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම් උතුරු මුහුදු සීමාවේදී අනවසරයෙන් ඇතුල් වූ ඉන්දීය ධීවරයින් පස් දෙනෙකු හා ඔවුන් පැමිණි යාත්‍රාව නාවික හමුදාව විසින් අතඅඩංගුවට ගෙන ඇත.
උතුරුමැද නාවික විධාන මූලස්ථානයේ වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් අදාල ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර මන්නාරම් මුහුදු සීමාවට රහසිගතව ඇතුල් වී මසුන් ඇල්ලීම නිසා මෙසේ නාවික හමුදා අත්අඩංගවට පත්ව ඇත.
මෙම ඉන්දීය ධීවරයින් පිරිස මන්නාරම ධීවර පරික්ෂක කාර්යාලයට බාර දීමට නාවික හමුදාව කටයුතු කොට ඇති අතර මන්නාරම් ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් විසින් ඉන්දීය ධීවරයි මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
COMMENTS