(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම කොත්තන්තිව් ප්‍රදේශයේ අද(26) දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පසු ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් කණ්ඩායම් කිහිපයක් අනියුක්ත කර ඇති බව ඉහළ පොලිස් නිලධාරියකු පැවසීය.

කොත්තන්තිව් පෙරුක්කුවට්ටාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ක්‍රීඩා තරගයක් සදහා පිරිසක් විසින්  ඩෝසර් කිරිමේ දි තවත් පිරිසක් විරෝධය  මතු  කිරිමත් සමග ගැටුම හට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ගැටුමින් තුවාල ලැබු එක් අයකු හලාවත රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි බවද කියති. ඉන් පසුව පාර්ශව දෙක අතර ගැටුම උණුසුම් වෙමින් තිබියදි ඉහළ පොලිස් නිලධාරින් හා දෙපාර්ශවයේ  පිරිසක් අතර සාකච්ඡා පවත්වා තත්වය පාලනය කිරිමට කටයුතු යොදා තිබිණි.

නමුත් සවස් වන විට තත්වය එතරම් යහපත් නොවන බවට ලද තොරතුරු මත පාර්ශව දෙක අතර ගැටුමක් ඇති විම වැළැක්විම සඳහා පොලිස් ජංගම සංචාරක රථ යෙදවිමටත් එයට අමතරව තැනින් තැන පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින් යෙදවිමටත් කටයුතු කර තිබේ.