(*** ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)
මෙවර මහ මැතිවරණයේදී එක් මන්ත්‍රී ආසනයක් පමණක් හිමිකරගත් තම පක්ෂය පාර්ලිමේන්තුවේදී නව රජයට සහාය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව ඒ. එල්. එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය කියයි.
මහ මැතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය සමග ගිවිසුමකට එළඹි ප්‍රධාන පක්ෂ 18 ක් ඇති අතර ඉන් එක් පක්ෂයක් වන්නේ ජාතික කොංග්‍රසය බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක වෛද්‍ය වයි. එස්. මොහොමඩ් ශියා මහතා පැවැසීය.
එම පක්ෂයෙන් තම නායක ඒ. එල්. එම්. අතාවුල්ලා දිගාමඩුල්ලෙන් තරග කර ජය ගෙන ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රි දූෂණ සමඟ මන්ත්‍රි ආසන 145ක් හිමිකරගෙන ඇති බවද ජාතික සංවිධායකවරයා කීය.
ඒ අනුව ඊ.පී.ඩී.පී. පක්ෂය ලබා ගත් මන්ත්‍රි ආසන 2ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යාපනයට තරග කර අංගජන් රාමනාදන් මහතා ලබාගත් මන්ත්‍රි අසුනත් ටී. එම්. වී. පී. පක්ෂයේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ මන්ත්‍රි අසුනත් තම පක්ෂයේ මන්ත්‍රි අසුනත් සමග නව රජය ශක්තිමත් තුනෙන් දෙකක බහුතරය ඇති බවද ජාතික සංවිධායකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටුවේ ගාන කීයද දන්නේ නැහැ නේද?