මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමතක්  එළැඹෙන සතියේදී චීනයේ නිල සංචාරයක නිරත වන බව ඒෂියන් නිව්ස් ඉන්ටර්නැෂනල් ( ඒ.එන්.අයි )පුවත් සේවය අද (06) වාර්තා කළේය.

 
එරටදී පැවැත්වෙන ආපදා කළමනාකරණ වැඩමුළුවකට සහභාගී වීම සඳහා මෙම මන්ත්‍රීවරුන් පිරිස මෙම සංචාරයේ නිරත වන බව එම වාර්තාවේ දැක්වේ.
 
දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා වර්ධන කර ගැනීමේ අරමුණෙන් මෙලෙස තවත්  ශ්‍රී ලංකාපාර්ලිමේන්තු නියෝජිත පිරිස් චීනයේ සංචාරයන්හි සහභාගී කරවා ගැනීමට අපෙක්ෂා කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති යී සියෑන් ලියෑන්ගි මහතා කීය. ඒ වගේම චීන සමාගම් හා ආයෝජකයින් රැසකට ශ්‍රී ලංකාවේ ආයෝජනයන් සඳහා සහභාගීවන ලෙසට තමන් නිරන්තයෙන් එම අයෝජකයින් දිරි ගන්වන බවද ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ඒෂියන් නිව්ස් ඉන්ටර්නැෂනල් පුවත් සේවය වෙත ප්‍රකාශ කර ඇත.

-125