(තරිඳු ජයවර්ධන)
පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බව එහි ආරංචි මාර්ග කියයි.
පෝද්දල ජයන්ත මහතා පැහැර ගන්නා අවධියේ දේශබන්දු තෙන්නකෝන් මහතා නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කර ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය ඒම වකවානුවේ දී ඊට සම්බන්ධ නැති දෙදෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇතැයි ද, පොලිසිය එලෙස කළේ ඇයිදැයි එම පොලිසිය අයත් කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ තෙන්නකෝන් මහතාගෙන් ප්‍රශ්න කළේයැයි ද රහස් පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.
2009 ජුනි මාසයේ දී ඇඹිල්දෙනිය ප්‍රදේශයේදී සුදු වෑන් රියකින් ඒ මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවා තිබිණි. ඒ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් නොවූ බව කියමින් 2017 ජුනි 20 වැනි දා ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ප්‍රකාශ විතරයි. දැන් අවුරුදු 4ක් වෙනවා පරීක්ෂණ පටන් අරන්. කෝ කවුරුවත් අත්අඩංගුවට ගත්තේ නැහැනේ. මේක විතරක් නෙවේ. කේස් තියෙනවා වැහි වැහැලා වගේ. මෙන්න උදාහරණ කීපයක්: ලසන්තා එක්නැලිගොඩ, කීත් නොයාර්, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, වසීම් තාජුදීන්, පාසල් සිසුන් 11, ජාලිය වික්‍රමසූරිය, උදයංග වීරතුංග, ලලිත් වීරතුංග (සිල් රෙදි), ඇවන්ගාර්ඩ් ගාමිණී සෙනෙරත්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ....
"වැටත් නියරත් ගොයම් කයි නම් කාට පවසන මේ අමාරුව" කියාලා අපේ පැරැන්නෝ කිව්වේ කට කහනවට නොවෙයිනේ!
මෙයා එවැනි වැඩ කරන්නේ නැහැ.