(රවින්ද්‍ර විරාජ් අබයසරි)
මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සී ටී ස්කෑන් ඒකකය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(23) විවෘත කෙරුණී.
චීන රජයේ මුදල් ආධාර යටතේ ඉදිකළ එම ඒකකය සඳහා රුපියල් මිලියන 70 ක මුදලක් වැය කර ඇත. බෝනොවන රෝග හඳුනා ගැනීම සඳහා සීටී ස්කෑනරය භාවිතා කරනු ලබයි.
මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණෙන රෝගීන්ගෙන් 40% පමණ පරීක්ෂණ කටයුතු සඳහා පොළොන්නරුව හා පේරාදෙණිය රෝහල් වෙත යොමු කිරීමට කටයුතු කළ බවත්, නව ඒකකය විවෘත කිරීම තුළින් මාතලේ දිස්ත්‍රික්කයේ රෝගීන්ට අපහසුතාවකින් තොරව පරීක්ෂණ කටයුතු කරගැනීමට හැකිවන බවත් මාතලේ දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂක අසේල දිසානායක මහතා පැවසීය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම, මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ, මතලේ ප්‍රාදේශීය සභා සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය, මධ්‍යම පළාත් සෞඛ්‍ය ලේකම් බී.එච්. එන්. ජයවික්‍රම, මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක අර්ජුන තිලකරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වුහ.



2025 දෙසැම්බර් මස 18
624
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතලේ රෝහලට සී ටී ස්කෑන් ඒකකයක්
බන්දුල අරඹේපොල Tuesday, 23 June 2020 12:59 PM
විශිෂ්ටයි! මේ වෙනුවෙන් ක්‍රියා කල ඔබට පින් සිදුවේවා.