IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මාතර නගරය පුරා කසළ ගොඩගැසේ

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර කොටවිල කසල අංගනයට කසළ බැහැර කිරීම මාස තුනක කාලයක් වලකාලමින් මාතර මහ නගර සභාවට එරෙහිව අධිකරණ නියෝගයක් ලැබීම හේතුවෙන් අද (08) වන විට මාතර නගරය පුරා කුණු කසල ගොඩ ගැසී තිබුණි.

මේ නිසා කසළ එකතු කිරීම පසුගිය 03 වැනිදා සිට මාතර මහ නගර සභාව නවතා දමා තිබෙන අතර ඒ හේතුවෙන් නගරය පුරා දැඩි දුර්ගන්ධයක් පවතී. එමෙන්ම කපුටන් හා මදුරුවන් වැනි සතුන්ගේ ද ගහනය වැඩිවීමට පටන් ගෙන ඇත.

උද්ගතව ඇති තත්වය පිළිබඳව සොයා බැලීමට දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ද අද  (08) උදෑසන මාතර නගරයට පැමිණ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඊට මාතර මහ නගර සභාවේ වැඩබලන පුරපති චතුර කරුණාරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ද සහභාගී වූහ. කුණු කසළ ඉවත් නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට මහ ජනතාවගේ විරෝධය ද එල්ල විය.

මේ නිසා කොටුවේගොඩ අවට ව්‍යාපාරික කටයුතු කර ගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වී තිබේ. ඇතැම් ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇත. මෙම  අධිකරණ නියෝගය හේතුවන් දිනකට මාතර නගරයේ එකතු වන ටොන් 30 ක පමණ කුණු ඉවත් කර දැමීමට තැනක් නොමැති බව ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණ චාරිකාවේ දී අනාවරණය වී තිබුණි.

මේ පිළිබදව අද (08) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමේ දීද දීර්ඝ වශයෙන් වාද විවාද ඇති විය.

එහිදී මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතා කියා සිටියේ තමා රාජකාරි භාර ගෙන දෙසතියක් පමණ වන බවද මීට වසර එක හමාරකට පෙර කොටවිල පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් අදාල කුණු කන්දට එරෙහිව ලැබී ඇති මහජන පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා එහි තීන්දුව පසුගිය 27 වැනිදා ලබා දී ඇති බවයි.

අදාළ තීන්දුව පිළිබඳව යළි සලකා බැලීම සදහා මෝසමක් ඉදිරිපත් කරන ලෙසට ද ඔහු මාතර නාගරික කොමසාරිස්වරියට  දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් මෙහිදී අදහස් දැක්වු දකුණු පලාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා කියා සිටියේ පුද්ගලයින් 25 දෙනෙකුගේ පීඩාවට විසදුම් ලබා දීමට පොලීසිය ක්‍රියා කිරීම නිසා අද වන විට මාතර ලක්ෂ ගණනකගේ ජීවිත අනතුරකට ඇද දමා ඇති බවත් එය එසේ විය හැකි බවට තමා පොලීසියට ප්‍රකාශයක් ද කර ඇති බවයි.

කෙසේ නමුදු ඇති වී තිබෙන තත්වය මත බදාදා (10) පැවැත්වීමට නියමිත මාතර මහජන පොළ  වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා නියෝග කළේය.

කෙසේ නමුදු මේ නිසා මාතර ප්‍රදේශයේ ඩෙංගු අවදානම ද ඉදිරි දිනවලදී සැළකිය යුතු ආකාරයට ඉහළ යා හැකි බවට මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උපාලි කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය. එසේ වුවහොත් පාසල්ද වසා දැමීමට ද සිදු වන බවට ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා කර්මාන්ත සහ වාණිජ කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා කියා සිටියේ මෝසමක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර ඉතා ඉක්මණින් මේ තත්වයට විසදුමක් සොයා ගත යුතු බවයි.

ඒ අනුව අදාල මෝසම මාතර මහ නගර සභාව විසින් අද (09) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (2)

මාතර නගරය පුරා කසළ ගොඩගැසේ

ajith Monday, 08 July 2019 10:20 AM

මේවා දකින එකත් හරිම දුකක්... ලංකාව දැන් හරි පාලනයක් නැති රටක් වෙලා.

:       45       63

ලසන්ත Monday, 08 July 2019 01:05 PM

25 දෙනෙකු වෙනුවෙන් පොලිසිය අධිකරණයට කළ පැමිණිල්ලකට අනුව තීන්දුව ලැබී ඇත. මෙයින් දහස් ගණන් ජනතාව පීඩාවට පත්ව ඇත. මෙහිදී අධිකරණයට නොගොස් මුලදීම නගරසභාව සමග සාකච්ඡා කොට ප්‍රශ්ණය නොවිසඳා වැඩය වැරදුණු පසුව පොලිසිය බළළුන් ලවා කොස්ඇට බෑවීමට උත්සාහ කරනු පෙනේ. එසේ නොකළා නම් පොලීසියට මෙම ප්‍රශ්ණය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී විසඳීමටද හැකියාව තිබිණි.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site