(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල මොරටු පාරේ මත්කුඩු වැටලීමකට ගිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පිරිසකට යතුරු පැදි කරුවන් පිරිසක් වෙඩි තැබීම නිසා පොලිස් කොස්තාපල්වරයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් අට හැවිරිදි දැරියක, 15 හැවිරිදි දරුවකු හා පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පස් දෙනකු තුවාල ලබා ඇත.
වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථ තුනකට හානි සිදුව ඇති අතර සැකකරුවන් පලාගොස් තිබේ. ඔවුන් සන්තකයේ මත්කුඩු කිලෝ 10ක් පමණ තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව එම වැටලීම කිරීමට පැමිණි බව පොලිසිය කියයි.
COMMENTS
රටේ මත්කුඩු ජාවාරම් කාරයින් අත් අඩංගුවට නොගෙන, ඔවුන්ට කෙලින්ම වෙඩි තැබිය යුතුයි.
පිළියන්දල කොට්ටාව මත්කුඩු කේන්ද්‍රස්ථානයක්. ගම්වාසීන් දන්නවා මත්කුඩු සහා වෙනත් අපචාරයන් කරන්නේ කවුද කියලා?.. එහෙත් මේ වගේ වෙඩි කාල මැරෙන්න බය නිසා නොදන්නවා වගේ ඉන්න වෙලා..හිටි හැටියේ මහා ධන කුවේරයෙක් වූ ප්‍රාදේශීය දේශපාලන බලවතෙක් කුඩු බෙදාහරින බව ප්‍රසිද්ධ රහසක්.. පොලිසියේ අයවත් වෙඩි තියල මරනවා නම් අපි ගැන කවර කතාද? මතට තිත යහපාලනය .... ද?
දෙවියනි නැහැ නැහැ පොලිස්පතිතුමනි ඔබ කොහිද?
මේ ජාවාරම කරන්නේ දේශපාලනයත්, පොලිසියත් සම්බන්ධ ලොකු මිනිස්සු. කවදාවත් නීතිය ඉස්සරහට ඔවුන් එන්නේ නැහැ. ඒකෙ ප්‍රතිඵලය තමයි මේ.
අපරාධකරුවන්ගේ හැර හැම කෙනෙකුගේම ජීවිත රටට ඉතාමත් වටිනවා. විශේෂයෙන් කුඩු උවදුර මැඩලීමේ දී දේශීය අත්දැකීම් හා තාක්ෂණය මඳ බව හැඟේ නම් අපරාධ මර්ධන ඒකක වල සාමාජිකයින් වෙනත් රටවලට යවා හෝ විශේෂ පුහුණුවක් හැකි පමණ ඉක්මණින් ලබා දී මත් උවදුර දිවයිනෙන් දුරුකර දමන්න වහා කටයුතු කරන්න.
පව්, අහිංසක රාළහාමි. මේ කුඩුකාරයෝ ඉහල දේශපාලකයින්ගේ, කෝටිපති ව්‍යාපාරිකයින්ගේ චක් ගෝලයෝ. කුඩුකාරයා මළොත් ඒ ඔක්කොගෙන්ම එකගේ පරම්පරාවටම සැලකිලි ලැබෙනවා. නමුත් මේ සුළු නිලධාරියා රාජකාරි කටයුත්තකදී දිවිපිදුවට රජයෙන් සුළු පාරිතෝශිකයකුත් එක්කල විශ්‍රාම වැටුප පවුලේ උදවියට ලැබෙයි. නමුත් කුඩු කරයා අල්ලාගෙන ආවානම් මෙලහකටත් ඉහළ පොලිස් නිලධාරීන් සේරම පොටෝඑකක් ගහල පත්තරේට මුණ දාගෙන පුද්ගලික ලිපිගොනු වලට සටහන් ඇතුල්කරගන්නවා.... ඊළඟ ප්‍රොමෝෂන් එක ගන්න බලාගෙන... ක්‍රෙඩිට් එක හවුලේ ගන්න පුළුවනි නම් වල පල්ලටත් එකටම යන්න බැරිවෙන්න බැහැනේ? යහපත් සමාජයක් අපට දායාද කර දීම වෙනුවෙන් දිවි පිදු රාළහාමිට නිවන් සුව අත්වේවා !!!
පොලිස්පතිතුමාට පොඩි අය හොයන්නේ නැතුව මුදලාලිලා ගැන තීරණයක් ගන්න කාලේ ඇවිල්ලයි තියෙන්නේ....
ඉක්මනට සරත් ෆොන්සේකා මහත්තයාව පත් කරන්න.
දැනට අක්‍රීය වී ඇති මරණ දඬුවම සකී‍්‍රය කරන තෙක් මේ කුඩුකාරයන්ගෙන් වන අපරාධ සහ කුඩු ගෙන්වා අපගේ ජාතිය විනාශ කිරීමට නොනවත්වාම කි‍්‍රයාත්මක වනු ඇත.