(නිශාන්ත කුමාර)
මීගහකිවුල කෝමාරීක ගොවි ජනපදයට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ගයේ වැල්ලේවෙල ඩී 02 ප්‍රධාන අතුරු ඇළ ගිලා බැස ඇති බවත් එතුළින් ජලය අතුරුදන් වන බවත් එහි නේවාසික ව්‍යාපෘති කලමණාකාර මාධව ඉන්දික රත්නායක මහතා පවසයි.
අඩි 15 ක පමණ විෂ්කම්භයෙන් යුතු විශාල ගිලා බැසීමක් සිදුව ඇති අතර ඇළ මාර්ගය ඔස්සේ ගලා යන ජලය ඒ තුළට ගලා ගොස් අතුරුදහන් වෙයි.
මෙලෙස ගිලාබැසීමත් සමගම ඇළ මාර්ගයේ ජල සැපයුම මුලුමණීන්ම අත්හිටුවීමට පියවර ගත් අතර අද (15) ගොවීන්ගේ ඉල්ලීම මත යළිත් ජල සැපයුම යථා තත්ත්වයට පත්කළ නමුත් ගිලා බැසීම යළිත් ක්‍රමයෙන් වර්ධනය වීම නිසා නැවත වතාවක් ජල සැපයුම අත් හිටවූ බවද ව්‍යාපෘති කලමණාකාරවරයා පැවැසීය.
මේ වන විටත් එහි අවට ප්‍රදේශය කැඩී යමින් පස් කඩා වැටෙමින් පවතින අයුරු දැකගත හැකිය.
මේ වන විට ඇළ මාර්ගයේ ජල සැපයුම අත්හිටුවා ඇතත් දිගින් දිගටම ගිලා බසින අතර මේ වන විට එම ස්ථානයේ අඩි 35 ක් පමණ ගැඹුරට පස් කඩා වැටී තිබේ.






COMMENTS
ඔතැනින් ඉවත් වන්න ඇල පහල ප්‍රදේශයේ නාය යෑමක් සිදුවිය හැකිය.
පර්සිට තමයි කියන්න ඕනේ.
අපේ මිනිස්සුන්ට මොනවා හරි වුණාම ලඟටම වෙලා බලන්න ඕනේ. තව ටිකෙන් වටේට කැඩිලා මිනිස්සුන්ව යටවෙන්න ඉස්සෙල්ල වහාම ඉවත් කරන්න.
පාලකයෝ අධාර්මික වෙනකොට බුදුදහමට ගරහනකොට ඔහොම වෙනවා, මහපොළොව කම්පා වෙනවා. ඉස්සරහට තව හොඳ හොඳ ඒවා බලමු.
හොරෙන්ම හම්බන්තොටට හරවාගෙනද දන්නේ නැහැ....
චම්පික, ඔබට දැන් වැටහෙනවා, මමත් එකඟයි ඔබේ අදහසට. "පාලකයෝ අධාර්මික වෙනකොට බුදුදහමට ගරහනකොට ඔහොම වෙනවා, මහපොළොව කම්පා වෙනවා. ඉස්සරහට තව හොඳ හොඳ ඒවා බලමු".
“සින්ක් හොලේ” එකක්. සවිවර බව වැඩි පසේ හෝ පාෂාණයේ පාංශු ඛාදනය නිසා ඇතිවූ ස්වභාවික තත්වයක්. ජාල මාර්ගය වෙනස් කිරීම කල යුතු බව මගේ අදහසයි.
බුදු අම්මෝ .. මොකක් හරි මහා විනාශයක පෙර නිමිත්තක් ..මට දුක ඕක බලන්න ගිහින් ඉන්න අය ඕක හින්දා මොකක් හරි කරදරේකට පත් වුණත් මේ ආණ්ඩුවෙන් වන්දි ඉල්ලලා කෑ ගහයි කියලයි...
පාලකයෝ අධර්මිෂ්ඨ වෙනකොට එසේ අධර්මිෂ්ඨ වන පාලකයින්ට මිසක් ජනතාවට විපත් පමුණුවලා හරියනවද? විපත් පැමිණිය යුත්තේ අධර්මිෂ්ඨ පාලකයන්ටයි. සමහර චීවරධාරීනුත් අර රාජා භවතු ධම්මිකෝ කියන එක වැරදියට විග්‍රහ කරනවා.
මේවට මොනවා කියන්නද..වෙල්ගම මහ්තයෝ බදුල්ලට කල අපරාදයට ලොක්කාගෙන් වන්දි අරන් දෙන්ඩ.
හාමුදුරුවන් දේසපාලනයෙන් වහාම ඉවත් විය යුතුය එසේම පරම්පාරික අපේ සිරිත් වලට ගරහන අයිතිහාසික උරුමයට අවමන් කරන බුදු දහමට වින කරන අයට අපි එරෙහි වෙනවාමය
පරණ උමඟක් තුළට පස් කඩාගෙන වැටිලා. වතුර පාර නවත්තලා භූ විද්‍යා හා පතල් ඇත්තන්ට මේක පරීක්ෂා කරන්න කිව්වා නම් තමයි හොඳ.
නාය යාමේ ලක්ෂණ පහල වුණත්, රජයකට, පාලකයන්ට, හිටපු පාලකයන්ට බනින්න තරම් නුගත් උගත්තු කියාගන්න අය මේ සමාජයේ සිටීම ගැන බලවත් සතුටක්... ස්වභාවධර්මය විනාශ කරන අය, ඒ විදියටම විනාශ වෙනවා, ඒක වලක්වන්න බෑ. එදාට ඔය තරාතිරම් අදාල වෙන්නේ නැ...
මේ මොන මෝඩ මිනිස්සුද වෙවැනි ඇති භයානක තැනක ලංවෙලා ඉන්න හැටි. වහාම ඔවැනි තැන්වලට කිට්ටුවෙන්න එපා. මිනිස්සු සත්තුන්ටත් වඩා මොඩනේ. මෙතනට වහාම භූ විද්‍යා කාර්යාංශයේ බලධාරීන් ඇවිත් විශ්ලේෂණය කල යුතුයි. මිනිසුනේ අසාමාන්‍ය ව්‍යසනයක් දුටු විට එයින් ඇත්වී සිටින්න. නැතිනම් වටේ ඉන්න ඔක්කොම දරුවෝ වැඩිහිටියි සියල්ල එක්කම පොලොව ගිලාබහීවි. පුදුම මෝඩ මිනිස්සුනේ දෙවියනේ.
බැඳුම්කර කාරයන් ඒ පැත්තේ කැරකුනාවත්ද??
මම හිතන්නේ මේක උමගක් වෙන්න පුළුවනි , වතුර ටික යාපනේ පැත්තට යනවද දන්නේ නේ
මට හිතෙන්නේ මේක උමගක් කියල .වතුර ටික යාපනේ පැත්තට යනවද දන්නේ නේ
උමා ඔය ව්‍යාපෘතිය අවට ඉන්න පිංගුත්තර උදවිය තව අවුරුදු හැටකින් පමණ කාලක්‍රියා කරාවි. ඉන් පසුව උමා ඔය කරගන්ට පුළුවන් වේවි. මීගහකිවුල ඇල මාර්ගය වෙනස් කිරීම පහසුම ප්‍රතිකර්මයයි.