(සනත් ගමගේ)
හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයින්ට මාගම්පුර වරාය පරිශ්‍රයෙන් පිටවන ලෙසට හෝ ඇතුළුවීම වළක්වාලමින් අධිකරණයෙන් ලබා දුන්නේ යැයි සඳහන් කිසිදු අධිකරණ නියෝගයක් පොලිසිය හෝ වෙනත් කිසිදු අයෙක් විසින් අද(1) දහවල් වන තෙක් සේවකයින් වෙත භාර නොදුන් බව හම්බන්තොට මාගම්පුර වරාය සේවක සංගමයේ ලේකම් ගයාන් සඳරුවන් මහතා පැවසීය.
අධිකරණය විසින් නියෝගයක් ලබා දුන්නේයැයි සඳහන් කරමින් මාගම්පුර වරායේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව දැන්වීමක් ප්‍රදර්ශනය කර ඇති අතර එහි සඳහන් වන්නේ වරාය භූමියෙන් සියලු සේවකයින්ට පිටවන ලෙසටත්, වරායට පැමිණෙන හා පිටවන වාහන වලට කිසිදු කරදරයක් නොකරන ලෙස බවත් යැයි සඳරුවන් මහතා කිය.
මාගම්පුර වරායේ පරිපාලන ගොඩනැගිල්ලේ රැඳී සිටින සේවකයින් 30 කට ආසන්න පිරිසකට ආහාර පාන ලබා දීමට පවා වරාය ආරක්ෂක නිළධාරින් ඉඩ මෙතෙක් ලබා නොදුන් අතර අද දහවල් හම්බන්තොට සහකාර කම්කරු කොමසාරිස්වරයාගේ මැදිහත් වීම මත, එම පිරිසට දහවල් ආහාර ලබා දීමට හැකි වූ බවද ගයාන් සඳරුවන් මහතා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාගම්පුර වරායේ සේවකයෝ පිටවීම ප්‍රතික්ෂේප කරති
wasantha Friday, 01 December 2017 10:36 AM
මේ අයට දැඩි දඬුවම් ලබාදිය යුතුයි..
daham Friday, 01 December 2017 10:47 AM
මෛත්‍රි යුගයක්, යහපාලනයක්... මේ බැනර් මතකද?
dilan Saturday, 02 December 2017 10:39 AM
මේ ඔක්කොම නාමල්ගේ නිල් බලකායනේ...