IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මකුලෑවේ විමල නාහිමි රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියට

 

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නාපාන පේමසිරි මහා නාහිමිපාණන් විසින් මීරිගම විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මකුලෑවේ විමල නා හිමියෝ එම නිකායේ අනුනායක පදවියට  පත්කරනු ලැබූහ.

විමල නා හිමියෝ මෙතෙක් කලක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අධිකරණනායක පදවිය හෙබවනු ලැබූ අතර ඊට පෙරාතුව සංඥා ලේඛකාධිකාරී පදවියද දරමින් නිකායේ උන්නතියට මහත් සේවාවක්  සිදු කළ තෙරනමකි.

උන්වහන්සේගේ ශාසනික සේවය සලකමින් මහා නාහිමියන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම අනුනායක පදවිය සඳහා විමල නාහිමියෝ පත් කරනු ලැබ ඇත.

විමල නා හිමියෝ  කුරුණෑගල, ගල්ගමුව, මකුලෑව ග්‍රාමයේ දී හේරත් මුදියන්සේලාගේ පුංචිරාල සහ ඉමිහාමි මුදියන්සේලාගේ කිරිමැණිකේ දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස 1948 අගෝස්තු 25 වන දා උපත ලැබූහ. නිතලව රජයේ පාසලින්, ගිහිකල මූලික අධ්‍යාපනය ලැබීය.

විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ දී 1960 මාර්තු 24 වන දා වේවැල්දෙණියේ නන්දසිරි මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා රාජකීය පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්ද මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මකුලෑවේ විමල හිමි නමින් පැවිදි බිමට පත් විය.

මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන 1967 වසරේ දී ආරම්භ කළ අවස්ථාවේදී එහි පළමු පැවිදි ශිෂ්‍යයා ලෙස මකුලෑවේ විමල හිමියෝ එම පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම යන විභාගවලින්ද උන්වහන්සේ සමත්වූහ.

1971 දී අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයට ඇතුළත්ව  ශාස්ත්‍ර හා ත්‍රිපිටකය හදාරා 1976 දී ත්‍රිපිටකවේදී උපාධිය ලැබූහ. 1974 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටකාචාර්ය උපාධිය ලැබූ විමල හිමියෝ එම පාලක සභාවෙන් ත්‍රිපිටක විශාරද ගෞරව උපාධිය ලැබූහ.

1976 දී මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන්හි උපගුරුවරයකු ලෙස සේවයට එක්වූ මකුලෑවේ විමල හිමියෝ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ ද, සේවය කළ අතර අලව්ව ශ්‍රී රාහුල පිරිවෙනේ පරිවෙනාධිපති ලෙස ද අනතුරුව විද්‍යාවාස පිරිවෙන්හි පරිවෙනාධිපති ලෙසද කටයුතු කළහ.

මීට අමතරව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් එම නිකායේ  නියෝජ්‍ය මහ ලේඛකාධිකාරී ධුරයට රත්නපුර කජුගස්වත්ත ශ්‍රී ඤාණසීහ තපෝවන විහාරාධිපති  අකරැල්ලේ ඤාණවංස නාහිමිපාණන් වහන්සේ පත්කර ඇත. එහි කාරක සංඝ සභාව මගින් මේ පත්වීම සිදුකර තිබේ.

 

රාමඤ්ඤ මහා නිකායේ  නියෝජ්‍ය මහ ලේඛකාධිකාරී ධුරයට පත්

රත්නපුර කජුගස්වත්ත ශ්‍රී ඤාණසීහ තපෝවන විහාරාධිපති  අකරැල්ලේ ඤාණවංස නාහිමිපාණන් වහන්සේ

 



අදහස් (0)

මකුලෑවේ විමල නාහිමි රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 244 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 76 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site