IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


භාරකරුවන් නැති වැඩිහිටියන් 25ක් කරාපිටිය රෝහලේ

(විනීතා එම් ගමගේ)

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් නේවාසිකව සිටින භාරකරුවන් විසින් ආපසු කැඳවාගෙන ගොස් නැති වැඩිහිටියන් පිළිබඳව යම් පියවරක් ගැනීම සඳහා වාර්තාවක්  ලබා ගැනීමට නිලධාරින් කණ්ඩායමක් එහි යැවීමට ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය කටයුතු කර ඇත. 

එහි වැඩිහිටියන් 25 දෙනෙකු මෙසේ යළි නිවෙස් වෙත කැඳවාගෙන ගොස් නැතැයි වාර්තා වන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සුවින්ද සිංගප්පුලි මහතා අද පැවැසීය. 

මෙසේ අතහැර ඇති වැඩිහිටියන් පිළිබඳ වාර්තා වුවහොත් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය ඒ පිළිබඳ සොයා බලා භාරකරුවන්ට භාර දීමට හෝ වැඩිහිටි නිවාස ගත කිරීමට කටයුතු කරන බවත් කරාපිටිය රෝහලේ සිද්ධීය පිළිබඳව තම කාර්යාලය වෙත මුල් වරට වාර්තා වුයේ මාධ්‍ය මඟින් බවත් හෙතෙම සඳහන් කළේය.

සමහර වැඩිහිටියන් ප‍්‍රතිකාර පතා රෝහල් වෙත කැඳවාගෙන එන අය ව්‍යාජ ලිපිනයන් දී රෝගියා නවතා යන බවත් ඔවුන් ව්‍යාජ ලිපිනයන් ලබා දී තිබිම නිසා සුව වූ පසු යළි භාර දීමට නොහැකි වන බව ද අධ්‍යක්ෂවරයා පැවැසීය.

එවැනි වැඩිහිටියන් නේවාසික ප‍්‍රතිකාර සඳහා භාර දෙන අවස්ථාවන්හිදී භාරකරුගේ ජාතික හැනුම්පතෙහි ඡායාපිටපතක් ද ලබා ගන්නැයි සෞඛ්‍ය අංශවෙත උපදෙස් දී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. 
මේ වනවිට තවත් රෝහල්වල මෙවැනි වැඩිහිටියන් ඇතැයි විශ්වාස කරන බව කී සිංගප්පුලි මහතා එවැනි අවස්ථා වාර්තා වුවහොත් ඒ පිළිබඳව තම කාර්යාලය වහා සොයා බලන බව ද කියා සිටියේය. 



අදහස් (4)

භාරකරුවන් නැති වැඩිහිටියන් 25ක් කරාපිටිය රෝහලේ

liyanage Thursday, 19 April 2018 01:37 PM

මේ සඳහා සැබැවින්ම ඇති විසඳුම කුමක්ද? අපගේ රෝහල් වලද මේ ප්‍රශ්නය මතු වේ. වගකිවයුතු ආයතන මේ සඳහා විසඳුමක් සෑම රෝහලකටම ලබා දෙන්න. භාරකරුවෙකු සිටියත් නැතත් තනි වූ වයසක මිනිසුන්ට රෝහලක නතර වී ප්‍රතිකාර ගැනීමට අයිතියක් ඇත. නමුත් මුදා හරින විට යන්න තැනක් නැතිනම් රෝහල් කාර්‍යමන්ඩලය අසරණ වේ. මේ සඳහා රජයේ වගකීම කුමක්ද?

:       0       2

rocky Friday, 20 April 2018 01:31 AM

ඔන්න වැඩිහිටියන්ට දරු මුණුපුරන් දක්වන සැලකිල්ල! අපුරුයි නේද නේද? ඒත් අපි සිංහයා ලකුණ දරන බෞද්ධයෝ වෙමු!

:       0       0

ravi Friday, 20 April 2018 05:16 AM

වෙහෙර විහාර හදන්න වැයකරන මුදල් , මහලු නිවාස හදන්න වැය කෙරුවනම් හොඳයි කියල අපි රජයෙන් ඉල්ලා සිටිනවා ,

:       0       0

lankonis Monday, 23 April 2018 07:10 AM

සැම වසරකම ජන්දහිමි නාමලේඛණ සකස්කරනවානේ එම අවස්ථාවල මේ වැඩිහිටියන්ගේ නම් ඉවත්කරනවාද. වයස්ගත අයගේ නම් ඉවත්කරන්න වෙන්නෙ බොහෝවිට මියයාම නිසානේ කෙනෙකු මිය ගියානම් ඒ බව වසමේ ග්‍රාමනිලධාරි දැනගන්න ඕන නේද මම හිතනවා එවැනි සොයාබැලීම් තිබේනම් මෙවැනි දේ නොවේවි කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 664 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site