IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


භූමිතෙල් මිල සඳුදා සිට අඩුවේ

 

 

රංජන් කස්තුරි

 

භූමිතෙල් මිල ලබන සඳුදා (11) සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකිරිමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව දැනට රුපියල් 101 ක් වන භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 ත් 80 ත් අතර මිලකට නියම කරන බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ  ප්‍රකාශකයෙක් පැවසීය.

ධීවර හා අඩු ආදායම්ලාභී  ජනතාවට සහයක් සැලසීමේ අරමුණින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි එම පියවර ගෙන තිබේ.

භූමිතෙල් සහන මිලට ලබාගෙන ඇතැම් පිරිස් අක්‍රමිකතාවල යෙදෙන බවට හා වාහනවලට වොදවන බවට පැමිණිලි ලැබී ඇති හෙයින් භූමිතෙල් මිල ඉහළ නැංවීමට ඉකුත් දා රජය තීරණය කළේය.



අදහස් (10)

භූමිතෙල් මිල සඳුදා සිට අඩුවේ

rasika Friday, 08 June 2018 06:20 PM

කිසිම ප්‍රතිපත්තියක් නෑ.. වැඩි කරනවා , අඩු කරනවා.. අනේ මන්ද..මගේ රටට වුණ දෙයක්

:       23       85

sanath Friday, 08 June 2018 06:23 PM

පෙට්‍රල් වලටත් කරන්න තිබුනේ මේ සූත්තරයමයි. ලීටරය 118 තිබුන එක 198 කරලා සුමාන දෙකකින් 138 කලානම් මිනිස්සු බනින්නේ නැහැ.

:       32       23

ජගත් ලියනගේ Saturday, 09 June 2018 01:27 AM

ලෝක වෙළඳ පොලෙ බොර තෙල් මිල සෑහෙන්න අඩු වෙලා දැන්.

:       0       37

ගයාන් දළුවත්ත Saturday, 09 June 2018 04:30 AM

සෑහෙන්න කියන්නෙ කොච්චරක් අඩු වෙලාද? සති 52ක් ඇතුළත ඩොලර් 80යි... උපරිම බැරල් එකක මිල, අඩුම මිල ඩොලර් 52යි. නමුත් දැනට තියෙන්නේ ඩොලර් 76-77 අතර, කොහොමද ඔබතුමා කියන්නේ අඩුවෙලා කියලා...

:       59       42

නොකවුට් Saturday, 09 June 2018 02:11 AM

30, 100 දක්වා වැඩි කරලා නැවත 70 දක්වා අඩු කරනවා. හරිම ලේසියි. යහපාලන තියරිය...

:       0       38

සතයපාල Saturday, 09 June 2018 04:39 AM

ලංසා උද්ඝෝෂණය කරනවා කියලා තර්ජනය කරනවා කිව්ව ගමන් ආණ්ඩුව බයවෙලා අප්පා...

:       0       1

PA - RA Saturday, 09 June 2018 02:03 PM

ඔව් ඇත්ත, බස්වලට අපි බලන් ඉන්න විටම භූමිතෙල් ගහනවා. අනන්ත වාරයක් බස්වලට භූමිතෙල් ගහලා ඉවර වුනාම අපි හිස් කෑන් එක නැවත අරගෙන ගෙදර ගිය වාර අනන්තයි. අැයි රජයට මොලයක් නැද්ද බබෙක් වගේ කතා කරන්නේ? පිරවුම් හල්වලට දන්වන්න පුළුවන්නේ බස් වලට භූමිතෙල් ගහන්න එපා කියලා.. ඇයි භූමිතෙල් වලින් දුවන බස් වල රූට් පර්මිට් එක අවලංගු කරන්න බැරි? මේවා සියල්ලන්ගේම වංචා, රුපියල් 44ක් වූ භූමිතෙල් ලීටරය රුපියල් 4කින් වැඩි කලා නම් හිත හදා ගන්න තිබුණා. 1948 සිට 2018 දක්වා දිනෙන් දින සෑම දෙයක්ම මිලෙන් වැඩි වුනා මිස, අඩු කරන්න තරම් දක්ෂයෙක්, බුද්ධිමතෙක් කවදා බිහිවෙයිද? එහෙම දෙයක් වෙයිද? පුළුවන් නමුත් එය කල හැක්කේ අපිටම පමණි.

:       0       6

SayimanSunday, 10 June 2018 12:24 AM

රජය පමණක් නොවේ අපි සැවොම අපිටත් අවංක විය යුතුයි....

:       0       0

sam Saturday, 09 June 2018 05:26 PM

ගැරඬි විරෝධය පළ කරයි...

:       0       0

faizer Saturday, 09 June 2018 05:55 PM

සාමාන්‍ය ජනතාව එකමුතු වුනොත් දිනන්න පුළුවන්. නමුත් පාට කණ්ණාඩිවලට යට වෙලා කිසිවක් කල නොහැක. අනික සාමාන්‍ය ජනතාව එකමුතු වෙන්න දෙන්නේ නැහැ මේ දේශපාලකයෝ. හැම පාලකයාම එහෙම තමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 647 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site