රංජන් කස්තුරි
ඉන්ධන අලෙවිසල්වලින් භූමිතෙල් අලෙවි කිරිම සම්බන්ධයෙන් නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
භූමිතෙල් මිල අඩුවීමේ වාසිය ලබමින් බස්රථවලට භූමිතෙල් යෙදීමේ ජාවාරම නතර කිරිම සඳහා එම පියවර ගන්නා බවද කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඇමැති රාජිත සේනාරත්න මහතා කීය.
භූමිතෙල් මිල ඉහළ නැංවීමෙන් පසු අලෙවිය සියයට 50 ක් පමණ අඩුවී තිබෙන බවට වාර්තා වන්නේ යැයිද ඊට හේතුව බස් ධාවනය සඳහා භූමිතෙල් භාවිතා කිරීම ඉන් වැළකීම බවද රාජිත සේනාරත්න මහතා පැවසීය.
COMMENTS
මෙය හැම වෙලාවේම කටින් බතලකොල හිටවනවා චරිතේට හරියන හැකර කටකුත් තියනවා නේ.
බස් වලට ගහන එක නැවත්වීමට වෙනම ක්‍රමවේදයක් සකස්කිරීම මිට කලින් කරන්න තිබුනේ...
තවත් නෑමක්වගේ, මේ කට්ටිය නාන්න හරි ආසයි.