IMG-LOGO

භික්ෂු සමාජයේ විනය හදනවා - ජනපති කියයි

සුජිත් හේවාජුලිගේ

කවුරු බැන වැදුණත් මහ නායක හිමිවරුන්ගේ අනු ශාසනා පරිදි භික්ෂු සමාජයේ විනය හැදීමේ වැඩ පිළිවෙළ නැවත පටන් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

භික්ෂු සමාජය විනය ගරුක  කිරිම , ශක්තිමත් කිරීම රටක වගකීම බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද (17) පස්වරුවේ පැවති රාමඤ්ඤ නිකායේ නායක ධූරයට පත්වුණු මාතලේ කුසලධම්ම හිමියන්ට අක්ත්‍රපත්‍ර පිරිනැමීමේ උත්සවයේදීය.

ජනාධිපතිවරයා එහිදී මේසේද කීය.

    ‘‘භික්ෂු සමාජයේ වගකීම් යුතුකම් ප්‍රශ්න ගැන  මෙතැනදී කතා කෙරුණා. වත්මන් රජය බලයට පත්වු අවස්ථාවේදී 2015 මුල් මාස කිහිපයේදී අප මේ සම්බන්ධයෙන් මුලික වැඩ  කොටස් රාශියක් ක්‍රියාත්මක කළා.ඇතැම් දේවල් සම්බන්ධයෙන් අණ පනත් යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ එක්කම කැපවුණු භික්ෂුන්වහන්සේලා ගේ ප්‍රශ්න , ගැටලු , විරෝධතා ඒ වගේම නිකායික වශයෙන් ඇතිවුණු විවිධ   ප්‍රශ්න අදහස් නිසා ඒ කරගෙන ආ වැඩ කටයුතු නතර කරන්න සිදුවුණා. ඔබ වහන්සේලාගේ අනුශාසනා මග පෙන්වීම් ලැබෙනවා නම් ඒ කටයුතු අපට නැවතත් ආරම්භ කරන්න පුළුවන්.අප රටක් විදියට වැඩ කරන්නේ මහ සංඝයාගේ මග පෙන්වීම් අනුවයි‘‘.

ඡායාරූප   චතුර එස් .කොඩිකාර



අදහස් (13)

භික්ෂු සමාජයේ විනය හදනවා - ජනපති කියයි

nayana Thursday, 17 May 2018 03:46 PM

ඔබතුමා තමයි මේවැඩෙට සුදුසුම පුද්ගලයා.. ජය ජය...!

:       0       1

කපිල Thursday, 17 May 2018 04:09 PM

භික්ෂු විනය හදන්න කලින් පාර්ලිමේන්තුවේ විනය හදමු නේද?

:       0       0

sirimal Thursday, 17 May 2018 06:23 PM

ඕක කෙරෙන වැඩක් නෙවේ. මහනායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් ඇතුව සංඝායනාවක් කරන්න තමා තියෙන්නේ.

:       0       0

Hafeel Thursday, 17 May 2018 07:55 PM

ඔක්කෝටම කිලින් දේශපාලකයන්ගේ විනය හදන්න සුපුරුදු පරිදි පාළාත් පාලන සභාපතිල සහ මන්ත්‍රීලගේ සෙල්ලම ආයිත් පටන් ගත්තා

:       4       288

RaveendraFriday, 18 May 2018 02:48 AM

හෆිල් මයා, ඔබ ඉතාමත්ම නිවැරදි අදහසක් ඉදිරිපත්කර ඇත. ඒ පිලිබදව අපද ස්තුතිවන්න වන්නෙමු.

:       0       1

hewawitharana Thursday, 17 May 2018 08:50 PM

නැවත පටන් ගන්නේ එය කලින් නවත්වලද තිබුනේ ?

:       4       77

Dasun Thursday, 17 May 2018 09:07 PM

භික්ෂු සමාජේ හදන්න ඉස්සෙල්ලා තමන්ගේ පක්ෂේ හදාගන්නකෝ.

:       28       294

palitha Friday, 18 May 2018 01:12 AM

"සියල්ලටම කලින් තමන්ගේ සහ තම පවුලේ විනය හදාගනු....!!!!"

:       0       0

mali Friday, 18 May 2018 03:01 AM

ඔක්කොටම කලින් තමුන් සහ තමුන්ගේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔය පිංගුත්තර දේශපාලුවෝ ටික හදා ගත්තනම් නරකද ? ජනතාව නොරවටනු .

:       0       0

kalani Friday, 18 May 2018 05:22 AM

ආර්ය සංඝ සමාජයේ අඩුපාඩු උන්වහන්සේලා විසින්ම හඳුනා ගැනීම වඩා සුදුසුය. එම හඳුනා ගැනීම් නිවැරදි කිරීමට උන්වහන්සේලා යෝජනා කරන උපකාර ලබාදීමට රාජ්‍ය මට්ටමින් මැදිහත්වීමක් සුදුසුය.

:       0       1

sena Friday, 18 May 2018 06:01 AM

පුළුවන් දෙයක් කිව්වොත් තමයි හොඳ

:       0       0

ravi Friday, 18 May 2018 09:42 AM

පළමුවෙන්ම කළ යුතු දෙය නම්... අවුරුදු 18ට අඩු ළමයි ශාසනයට බඳවා ගැනීම තහනම් කිරීම සහ මස් - මාළු සමග ආහාර පිළිගැන්වීමෙන් වැළකී සිටීම.. අන්න එදාට තමයි මේ.. අය බෞද්ධයින් වෙන්නේ...

:       1       0

[email protected]Sunday, 20 May 2018 05:21 AM

අපේ මිනිස්සු දේශපාලනය කතාකලත් ඔච්චරයි ආගම කතා කලත් ඔච්චරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site