
(බී.ජී. චතුරංග)
‘‘අපි මුල ඉදලම කිව්වා බුද්ධ පුත්‍රයන්ට කතිරයෙන් උපස්ථාන කරන්න එපා කියලා.ඒ අයට ශාසනයට වඩා වටින්නේ ආසනය. හැබැයි එක ආසනයක්වත් ගන්න පුළුවන් වෙන විදිහට කතිරයෙන් මෙවර ජනතාව උදව් කරල තිබුණෙ නැහැ. හැම දිස්ත්‍රික්කයකින්ම අහුල ගත්ත ඡන්ද හැටහත්දාහකින් පමණ එක මන්ත්‍රීධූරයක් ලැබිලා තිබෙනවා. මා දන්නා තරමට ත්‍රි පුද්ගල හෝ සිව් පුද්ගල සටනක් ක්‍රියාත්මක වෙනවා එම මන්ත්‍රීධූරය ලබා ගන්න හරිම කණගාටුයි. මන්ත්‍රී ආසනයකට මේ අය කුලල් කා ගන්නවා‘‘ යැයි මිහින්තලේ රජ මහ විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ මිහින්තලේ රජමහා විහාරස්ථානයේ අද (16) පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.
‘‘මීට කලින් ඔය භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා මොනවද කරලා තියෙන්නේ. පහුගිය කාල වකවානුවේදී මුහුදු මහා විහාරය වගේ අපේ බෞද්ධ සිද්ධස්ථාන පිහිටි, පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන බිම් ඩෝසර් කරන කොට ඒ අය මොකද කළේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන.
මුලතිව් වල ආදාහනය කරන කොට ඒ පාර්ලිමේන්තුවේ හිටපු භික්ෂූන් වහන්සේලා ඒ ගැන කතා කෙරුවෙ නැහැ. ආත්මාර්ථකාමී චරිත තමයි මේවට රිංගලා හිටියේ ආගමටවත්, ජාතියටවත් රටටවත් මේ අයගේ ආදරයක් නෑ. තමන්ට දෙයක් කර ගන්න ඕන කියන චේතනාව තමයි මේ අයට තිබෙන්නේ.
ඒක දැන් සක්සුදක් සේ පේනවා. අද වෙන කොට ගිහියන්ටත් වඩා පල්ලෙහාට වැටිලා පොර කනවා. තෘෂ්ණාවෙන් පිරිච්ච තුන් හතර දෙනෙක් මන්ත්‍රී ආසනයක් වෙනුවෙන් ගහ ගන්නවා බැන ගන්නවා. නීතිය හමුවට යනවා. මේ ශාසනය වෙනුවෙන්ද?
මා ගිහියන්ගෙන් ඉල්ලීමක් කරනවා මෙම සිද්ධිය උදාහරණයට අර ගෙන ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී භික්ෂූන් වහන්සේලාට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටින්න කියලා.
ඒ අයට කතිරයෙන් උපස්ථාන කරන්න එපා. සිව්පසෙන් උපස්ථාන කරන්න, බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් මේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කිසිම මැතිවරණයකදී හෝ මේ අයට කතිරය ලබා දෙන්න එපා කියලයි. ඒක තමයි මේ රටට බුද්ධ ශාසනයට කරන ලොකුම ගෞරවය.උඩ බලා ගෙන කෙල ගහ ගත්තා වගේ වැඩක් මේ සිද්ධ වෙලා තියෙන්නේ.
ජනතාව දැන් සියලු භික්ෂූන් වහන්සේලා දෙස බලන්නේ දැඩි අප්‍රසාදයකින්, විශේෂයෙන් අනුන්ගේ පක්ෂ අරගෙන සාමාජිකයො දන්නෙත් නෑ ඒ අය එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ අවශ්‍යතාවයකට බොහෝ දිස්ත්‍රික්ක වලට භික්ෂූන් වහන්සේලා නම් කලා, මේ අරගලය කළේ රටටවත් ජාතියටවත්, සම්බුද්ධ ශාසනයටවත් වැඩක් කරන්න ඕන කියන අපේක්ෂාවෙන් නොවේ.

ජනාධිපතිතුමාට පැහැදිලි ජන වරමක් ලැබිලා තිබෙනවා. අණ පනත් වෙනස් කර ගන්න පුළුවන්. දැන් ජනාධිපතිවරයාට අවශ්‍ය බලය ශක්තිය ලැබිලා තිබෙනවා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අවශ්‍ය කරුණු කාරණා එතුමා සිද්ධ කරනවා.
මසකට සැරයක් අති පූජ්‍ය මහනායක, අනුනායක, හිමිවරුන් මුණ ගැසී අවවාද අනුශාසනා ලබා ගෙන ඒවා පිළිපදිනවා. ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයක්, මහා භාරකාර දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයෙකු පත්කර තිබෙනවා. ඒ විතරක් නෙමෙයි දහම් පාසල්, පිරිවෙන්, බෞද්ධ, විශ්ව විද්‍යාල වෙනුවෙන් දැන් රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒ නිසා භික්ෂූන් වහන්සේලාට පාර්ලිමේන්තුවට ගිහිල්ලා කරන්න දෙයක් නැහැ.‘‘ යයිද මිහින්තලේ රජ මහ විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම ආගමික නියෝජනයක් පාර්ලිමේන්තු එම තහනම් කරන නීති ගේන්න වගේම සියලුම පූජ්‍ය පක්ෂවල ඡන්ද අයිතිය අහෝසි කරන්න ජයවර්ධන ජනාධිපතිවරයා වරක් කිව්වා ඔබවහන්සේලා ශාසනය බලාගන්න මම රට බලාගන්නම් කියලා... එය අදටත් වඩා ඉතා නිවැරදියි. එක්තරා දේශපාලකයෙක් තමන්ට බලයට එන්න සංඝ ශාසනේ පාවිච්චි කරදුන් නරක පූර්වාදර්ශයක්...
එහෙමයි හාමුදුරුවනේ..!!! ඔබ වහන්සේ නිවැරදියි. මේ අය සිවුරු දරාගත්තේ බුදුදහම රකින්නයි. ඒත් අද කරන්නේ කාලකණ්ණි දේශපාලනය... මේ අය ඡන්දයට ඉල්ලලා දේශපාලනය කරද්දි තව පිරිසක් ඉතාම කැත විදිහට දේශපාලකයින්ට කඩේ යනවා. ඔය නාරාහේන්පිට, කිරුළපන, බොරුල්ල වගේ තැන්වල මහ ලොකු නම් කියාගෙන කරන්නේ දේශපාලනයයි. මොන මගුලක් කරත් අපිට කමක් නැහැ. ... චීවරයෙන් ඉවත්වෙලා..
හැමදාම වගේ අපේම මින්ස්සු අද කරන්නෙත් අතීතයේ වගේම මේ ජාතියේත්, සම්බුද්ධ ශාසනයේත් පැවැත්ම වෙනුවෙන් අරගල කරන, ඒ වෙනුවෙන් කතා කරන අපේම මිනිසුන් හට ගරහමින් නිග්‍රහකරමින් තමන්ගේත් ජාතියේත් විනාශය ළඟාකර ගැනීමයි.
ලියනවද නැත්ද කියලා හිතල හිතලා, හිතුවා මගේ ස්වාධීන අදහස ලියන්න. ජනබල පක්ෂයේ ප්‍රශ්නයක් තියෙනවා තමයි. හැබැයි ප්‍රශ්නය හැදුවේ බාහිර දේශපාලකයින් ඥාණසාර හාමුදුරුවන් පාර්ලිමේන්තු එන එක නවත්තන්න. මට මතක හැටියට ජනබල පක්ෂය මුල ඉඳන්ම කිව්වා ජාතික ලැයිස්තුවෙන් ආසනයක් ආවොත් ඥාණසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තු යවනවා කියලා. විවිධ පක්ෂවල අතකොළුවක් වූ රතන හාමුදුරුවෝ මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වුනේ ඡන්දෙටත් ඉස්සෙල්ලා. පොහොට්ටුවට පක්ෂ මිනිස්සුන්ට රාජපක්ෂ මහත්වරු බලයට ගේන්න තියෙන අයිතිය හා සමානම අයිතියක්, ඥානසාර හාමුදුරුවන්ව පාර්ලිමේන්තු ගේන්න ජනබල පක්ෂයට ඡන්දය දුන්නු මිනිස්සුන්ටත් තියෙනවා. ඥානසාර හාමුදුරුවන්ව මම විවේචනය කරලා තියෙනවා... සමහර දේවල් මගේ ප්‍රතිපත්ති වලට විරුද්ධ නිසා. හැබැයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඥාණසාර හාමුදුරුවන්ට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ මොකද කිව්වා නම් බෞද්ධයෙක් විදිහට බුදුරජාණන්වහන්සේ දේශනා කළ "සමානාත්මතාවය" මම ඉහලින්ම පිළිගන්න නිසාත්, මම දන්න සිංහල ඉතිහාසයේ හාමුදුරුවරු ගැන නම ලියවුනා නම් ලියවුනේ රජවරුන්ගේ හොරණෑ වීම නිසා නොව රට, ජාතිය වෙනුවෙන් අභීත හඬක් නඟපු නිසාත්ය...
මසකට සැරයක් මහානායක, අනුනායක හිමිවරු මුණ ගැසී අවවාද අනුශාසනා ලබාගෙන ඒවා පිළිපදිනවා නම් එය කොහොමද ශාසනයට අනුලෝම වන්නේ?
ඇත්තටම හාමුදුරුවන්ගේ කතාව අසාධාරණයි. රාජපක්ෂ මහත්වරු වෙනුවෙනුත්, රනිල් සහ සජිත් වෙනුවෙනුත්, ගිය ආණ්ඩුව කාලේ මරික්කාර් වෙනුවෙනුත් පවා අනිත් හාමුදුරුවරුන්ට කතා කරන්න හොඳ නම්, ඇයි ඥානසාර හාමුදුරුවන්ට බැරි රට වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තු එන්න... බෞද්ධයින්ට අප්‍රසාදයක් ඇති වුනේ අධිකරණයෙන් දඬුවම් නියම වුණු දෙන්නෙක් වෙනුවෙන් "මුදල් පිඬු සිඟා වැඩිය" ප්‍රසිද්ධ හාමුදුරුවරු ගැන. මට නම් කම්පාවක් ඇති වුනේ ධනවතුන් වෙනුවෙන් පිණ්ඩ පාත්‍රවලට මුදල් එකතු කරගන්න පාරේ හිටපු අහිංසක මිනිස්සුන්ව ඉලක්ක කිරීම. පහුගිය කාලේ වගේම අදත් තමන් කැමති පාලකයින්ට පක්ෂව කතා කරන හාමුදුරුවරු, වෙනත් හාමුදුරුවරුන්ටත් ඒ අයිතිය තියෙන බව පිළිගන්නැත්තේ ඇයි? මටත් අහන්න කැමතියි ගුරුකන්ද විහාරයේ හාමුදුරුවන්ගේ දේහය ආදාහනය කරන්න නොදුන්නු වෙලාවේ, ඥානසාර හාමුදුරුවෝ ඇරුණාම එතනට වෙන කවුද වැඩියේ කියලා? පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කෙරුවා නම්, ව්‍යවස්ථාව හදන එක මුස්ලිම් ජාතිකයෙකුට දුන්නා නම්, ජනතාවට හොරෙන් එම්සීසී අනුමත කරගන්න නීතිපතිටත් යැව්වා නම්, ගිහි පැවිදි හොර දේශප්‍රේමියෝ ඒ ගැන නිහඬ නම්, සිංහලයින්ට ඥානසාර හිමිවත් නැතුව වෙන කවුද ඉන්නේ?
රත්තරන් වගේ වචන අපේ හාමුදුරුවනේ...!!!
ගිවිසුමක් අනිවාර්යයි...
ඔවා දෙනු පරහට... තමන් සම්මතයේ පිහිටා...
ඔබ වහන්සේගේ කීම හරියටම හරි... මොනම හේතුවක් නිසාවත් ස්වාමීන් වහන්සේලා දේශපාලනයට පිවිසිය යුතු නැහැ. කළ යුත්තේ තමන්ගේ සීමාව තුළ ඉඳගෙන අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීමයි.
සහතික ඇත්ත. අපේ හාමුදුරුවනේ...!!!
අවසරයි. පාලකයන් වෙනුවෙන් කඩේ යාම, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, ජාතීන් අතර අසමගිය වපුරන ප්‍රකාශ කිරීම... ඇත්තෙන්ම බුද්ධ ධර්මයට අනුව භික්ෂුවකගේ කාර්ය කුමක්ද? ගිහියන්ගෙ හිත් සමනය කරන, මෛත්‍රිය වර්ධනය කරන කොටින්ම භාවනා කරන හාමුදුරුවරු අද හරි අඩුයි නේද?
ඔබවහන්සේගේ අදහස් සිංහල බෞද්ධයකු වශයෙන් මමද අනුමත කරනවා. 80% වඩා බුද්ධියෙන් සිටින මේ රටේ හාමුදුරුවරුන්ට දී තිබෙන ඡන්ද ප්‍රමාණයෙන් පෙනෙනවා හාමුදුරුවරු දේශපාලන කාරණාවට සිංහල බෞද්ධයන් අකමැති බව. බොහෝ දේශපාලන රැස්වීම්වලදී හාමුදුරුවරු අවලංගු කාසියක් වෙලා... බොහෝමයක් කථිකයින්ට අමතක වෙනවා හාමුදුරුවරුන්ගෙන් අවසර ගන්නත් හාමුදුරුවරු වෙඩිකෑවේ අසුන්ගැන සිටියට. ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි කියලා... හාමුදුරුවරු සිටිය යුත්තේ කොතැනද කියා බුදුන් වහන්සේ වදාරා තිබෙනවා.
සහතික ඇත්ත කතාව... දැන් මෙතුමාටත් මඩගහන්න ලෑස්තිවෙයි.
ගෞරවනීය ඔබ වහන්සේ මේ සම්බන්ධයෙන් දක්වන අදහස්වලට මමත් එකඟයි. භික්ෂූන් වහන්සේලා දේශපාලනයට පිවිසීම වැළැක්වීමට මහා සංඝ සභාවෙන් විනය නීති සම්මත කළහැකිනම් හොඳයි...
සිවුර දමාගෙන දේශපාලනය කරන්නේ බුද්ධ පුත්‍රයින්ද? ඒ අයව වෙනම නමකින් ආමන්ත්‍රණය කරන්න කාලය පැමිණ ඇත. එවිට එම අය ඉබේම සිවුර ඉවත් කරගනු ඇත...
රතන හාමදුරුවොනම් පරාජික වෙලා වගේ හිතෙන්නේ. උන්වහන්සේගේ පහුගිය දින කීපය ක්‍රියාකලාපයට විනයානුකුල පියවර ගන්නේ කවද්ද.?
මෙන්න හැබෑම බුදුදහම... මෙන්න හැබෑම බුද්ධ පුත්‍රයන් වහන්සේලා.. මේ කරුණු කාරණා ඉතාමත්ම ධර්මානුකූලව ඉදිරිපත් කිරීම ගැන ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති වේවා .. !!! එමෙන්ම අනේක වාරයක් පින් සිදුවේවා ...!!! නිර්මල බුදු දහම විකෘති කොට පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා දේශපාලනයට පිවිස රට වනසන චීවරය දාගත් දේශපාලනඥයින්ට ඔබ වහන්සේගේ මේ සැබෑ ධර්ම කරුණු ඇතුළත් ලිපිය හොඳහැටි පහරක් බව දනිමු. බොදු හදවත් නිර්මල බුදු දහමේ දහම් කරුණුවල සුවඳින් පුබුදු කිරීම ගැන ඔබ වහන්සේට පින් සිදු වේවා... !!!