(චමිල් රූපසිංහ)
රටට අහිතකර ඉතා බිහිසුණු පනතක් වත්මන් රජය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට යන බව බව හිටපු ඇමැති ජී. එල් පීරිස් මහතා මහනුවර ගැටඹේ රාජෝපවනාරාමයේ දී පැවැසීය.
ඒ මහතා විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ මේ බව කීවේය.
එම පනතින් රටේ හමුදා සෙබළකුට හෝ දේශපාලනඥයකුට විදේශිය ආණ්ඩුවක් හෝ විදේශිය රජයක් නියෝජනය කරන ආයතනයක් චෝදනාවක් කරනු ලබන්නේනම් එය විභාග කිරීම සඳහා එම රටට අදාළ පුද්ගලයා බාර දිමට සිදුවන බවත් ඉන් පසු ඔහු හෝ ඇය ජාත්‍යන්තර අධිකරණයකට ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත් ජී.එල්.පීරිස් මහතා පෙන්වා දුන්නේය.
මේ පිළිබඳ මහානාහිමිවරු ඇතුළු මහා සංඝයා දැනුවත් කර මෙම ක්‍රියාව නවත්වා ගත යුතු බව පෙන්වා දුන් හිටපු ඇමැතිවරයා කියා සිටියේ මෙයින් උද්ගතවන ප්‍රතිඵල ගැන ජනතාවගේ වැටහීමක් නැති බවයි.

COMMENTS
කරුණාකර මෙම පනත ගැන දැනුවත් කරන්න. මෙම පනතේ නම කුමක්ද? එයට මේ වනවිට රටවල් කීයක් අත්සන් තබා ඇත්ද?
ලොකු හාමුදුරුවනේ,.. ශාසනයට මහා විනාශයක් වේගෙන යනවා. ඔය ගම්පහ පැත්තෙත් බිස්නස්වලට කියා අල්ලාගෙන සමහරු කුඹුරු ගොඩ කරනවා. මේවා නවත්වන්න. වගුරු බිම්, තෙත් බිම් ගොඩ කරලා රටේ පරිසර පද්ධතිය විකෘති කරන දේවල් සඟ සමාජයට සුදුසු නැත.
19 ත් බිහිසුණුයි වගේ නැද්ද?
එතකොට 18 ගේන කොට මේ මහත්තයා කොහේද හිටියේ? ජිනීවා කාර්යාලය අලුත්වැඩියාවට කොටි හිතවාදී ඩයස්පෝරාවට දෙනකොටත් මෙතුමා තමයි විදේශ ඇමති වෙලා හිටියේ..
“අතුරුදහන් කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය” කියන වචනයෙන්ම පනතේ කාරණාව ඔප්පු වෙනවා නේද? මෙය නියම රණවිරුවන්ට අදාල නෑනේ. අනික ජාත්‍යන්තර ප්‍රඥප්තියක් කියන්නේ ලෝකේ අනික් රටවලත් අදාල දෙයක් නේද ? මහානාහිමිවරු රවට්ටලා පව් පුරවගන්න එක හොඳ නැහැ. මේ පනත අදාල වෙන්නේ ලෝකේ ඉන්න අපරාධකාරයන්ට... දැන් බය වෙන්නේ ඇයි?
හාමුදුරුවනේ ඒ බිහිසුණු පනත මොකක්දැයි නැවතත් බැලුවා නම් අවසර...
එ්කාබද්ධේ කට්ටිය දැන් බෝධිසත්වයන් බවට පත්වෙලා. රටේ ජනතාව මැරිලා ඉපදිලා කියලා හිතෙනවා ඇති... කටේ අගුල් දාගෙන හිටපු බොහෝ අයට දැන් දැන් තමන්ටත් කතා කරන්න පුළුවන් කියලා තේරිලා. ඔය අර අඳින්නේ නම් රටේ හොඳකට නෙමෙයි වාගේ...