තරිඳු ජයවර්ධන
දියතලාවේදී බස් රථයක අත්බෝම්බයක් පිපිරීමෙන් පසු ඇති වූ ගින්නෙන් 18 දෙනකු තුවාල වීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් පසු එම බෝම්බය රැගෙන ආ බව කියන යුද හමුදා සාමජිකයා අද (2) අත්අඩංගුවට ගනු ලැබීය.
ජානක චන්ද්‍රසේන නම් එම බලය ලත් නිලධාරියා ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
සැකකාර යුද හමුදා සාමාජිකයා හය වැනි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බළකායේ මනිලන්ද කඳවුරට අනියුක්තව සේවය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ණය බරින් මිරිකී සිටි ඔහු එම අත්බෝම්බය නිවසේ සිට රැගෙන ආ බව මූලික විමර්ශනවලදී අනාවරණය වීයැයි පොලිසිය පවසයි. මෙය ත්‍රස්ත ක්‍රියාවක් බව විවිධ පිරිස් මුලින් චෝදනා කළහ. ඔහු සමග පැමිණි යුද හමුදා සාමජිකයන්ද පොලිසියට ප්‍රකාශ දෙමින් කියා ඇත්තේ අත්බෝම්බය තිබුණේ සැකකරුගේ ගමන්මල්ලේ බවයි.
බණ්ඩාරවෙල කොට්ඨාස භාර පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ මෙහෙයවීමෙක් විමර්ශන සිදු විය.
COMMENTS
කරුණාකර මෙම ආරංචිය මධුමාධව, ගම්මන්පිල, වීරවංශ යන දේශප්‍රේමින්ට දන්වන්න...
අනේ පව්!!! කොටි නැගිටින කම් පෙරුම් පුරපු ජනතාව...
මෙන්න රණවිරුවන් හිරගෙවල්වල දානවෝ !!!
තුවාල ලබා ප්‍රතිකාර ගන්නා අයට අපහාසයක් නොමවේවා.!!! මේ සිදුවීම වූ අවස්ථාවේ රටේ වගකීමක් සහ දැනුම් තේරුම් තියන අය පවා රට ගිනි තියා තිරිසන් සතුටක් ලබන්න සූදානම්ව සිටියා. (කාලයක පටන් පාතාලයට අවි සහ මෙවැනි බෝම්බ සපයන පිරිසකුත් නැතුවාම නොවේ. මෙය එවැනි ප්‍රතිඵලයක්ද විය හැකියි)
ණය බරින් මිරිකී සිටි සෙබළ කඳවුරට විකුණන්න ගෙදරින් බෝම්බයක් ගෙනවිත්..ද කොහෙද...
අනේ මගේ ජීවිතේටම අද තමයි ඇහුවේ හමුදාවේ අය ණය බරෙන් මිදෙන්න ගෙදර තියෙන බෝම්බ තමන් ඉන්න කඳවුරට ගෙනියෙනවා කියලා.. දැන් ලංකාවේ හමුදාව ගෙවල් වල තියෙන බෝම්බවලට ගෙවනවද?
උදය ගම්මන්පිල මහතාණෙනි, මෙය කොටින්ගේ වැඩක් බව පෙන්වීමට ඔබතුමා අපමණ වෙහෙසක් දරුවා. අවසානයේදී සත්‍ය ජය ගත්තා. මා එදා මෙය කොටින්ගේ වැඩක් නොවන බව කිව්වාම ඔබතුමාට හිතවත් කෙනෙකු මාගේ සාමාන්‍ය දැනීමේ වරදක් තිබෙන බව කීවා. මීට පස්සෙවත් රට නොමග යවන ප්‍රකාශ නිකුත් නොකිරීමට වගබලාගන්නා ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. හමුදා සෙබලාගේ අගහිඟකම් ගැන කණගාටුයි. ඒත් ඔහු කළේ සුළුපටු වරදක් නොවේ.
මේ බස් එක ආවේ යාපනේ සිට.... කොහොමද ණය බරකුයි, බොම්බේ ගෙදරින් ගෙනාව කතාවකුයි මේකට සම්බන්ධ කරන්නේ? යාපනේ ආවා කල්ලිය ගැන මුලින්ම කිව්වෙත් කොටින්ගේ සම්බන්ධකම් නැහැ කියලා. එ්ත් ආවා කල්ලිය කියන්නේ නිකම්ම නිකම් චණ්ඩි කොල්ලෝ ටිකක් නෙමෙයි. ඔවුන්ට පිටරටවලින් සල්ලි ලැබෙන බවත්, හිටපු කොටි සාමාජිකයෝ බවත් පසුව විමර්ශන වලින් හෙළිවුණා.
මේවා විශ්වාස කරන්න අපි මොන්ටිසෝරියේ කියලද හිතන් ඉන්නේ..? හමුදාවේ මිනිස්සු ගෙවල්වල බෝම්බ තියාගෙන ඉන්නවා නම් ඔය සේරම හමුදාවේ අය හිර ගෙවල්වල ට යවන්න එපායැ.. මිනිස්සු නොමග යවන්න කියන කතානේ මේ...
බෝම්බ ගෙන ආ අය වීරයෝ වෙන්නේ කොහොමද? අනේ අනේ ....
අනේ අපිව කෑවා, අපි කොටි නැගිටිනවා කියල කෑ ගැහැව්වා. දැන් මිනිස්සු අපිට හිනා වේවි!!! අපි බොරු කාරයෝ කියලා