(මහින්ද නිශ්ශංක)
රජය මගින් ඉන්ධන මිල වැඩි කිරිම හේතුවෙන් බස් ගාස්තුව සියයට 10 කින් වැඩි කළ යුතු බවට තම සංගමය අද (11) තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
දැනට රුපියල් 10 ක් වන අවම බස් ගාස්තුව ද වැඩිවිය යුතු බවද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ඔය ඛනිජ තෙල් මිල සුත්‍රය ජනතාවගේ දැනගැනීම සදහා ප්‍රසිද්ධ කරන්න...... බස්ගාස්තු අඩු වැඩි වීමටත් ඛනිජ තෙල් මිල සුත්‍රය වැනි මිල සුත්‍රයක් හදුන්වා දෙන්න .
අඬන්න හිටිය මිනිහගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ වැඩක් මේක, බස් ගාස්තු වැඩිකල යුත්තේ ඩීසල් මිල වැඩි කල නිසාද බුමිතෙල් මිල වැඩිකල නිසාද කියලා පෞ.බ.හි. සංගමය මුලින්ම කරුනු පැහැදීලී කල යුතුය. ඒ වගේම වර්ෂ 2007 ජනවාරී 1වෙනිදා සිට ටිකට් පතක් නිකුත් කිරිම අනිවාර්ය කල නමුත් අද දක්වා බෝහෝමයක් බස්රථ වල ටිකට් පත් ලබා දෙන්නේ නැති අතර බස් ගාස්තු වැඩී කිරිමට ප්‍රථම ටිකට්පත් නිකුත් කිරිම අනිවාර්ය කලයුතු අතර මාස හයක්වත් එය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවද කියා පරික්ෂාකර බලා පමණක් බස් ගාස්තු ඉහල නැංවීමට අවසර දිය යුතුය.
ඕකටතමයි කියන්නේ, පාලකයො ඇති වෙනවා, සාමාන්‍ය ජනතාව වෙන අපි නැති වෙනවා කියලා. ඔතනින් නැවතුනොත් හොඳයි. නැත්නම් ඉතින් රටේ අසරණ ජනතාව කබලෙන් ලිපට තමයි වැටෙන්නේ.
ගැමුණු විජේරත්න ප්‍රවාහන ඇමති කලොත් නරකද? මොකද මෙයා ප්‍රවාහන ඇමති සහ මගියෝ නටවනවා.
එතකොට තෙල් මිල අඩු කලොත් ?? එතකොට කියයි තව දෙයක් නේද ??