(ඩී.ජී.සුගතපාල)
බූස්ස බන්ධනාගාරයේ ආරක්ෂක රාජකාරිවල යෙදි සිටින විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් විශේෂ අංශයේ සිර කරුවන් රඳවා සිටින සිර මැදිරි සහ ඒ අවට කරන ලද සෝදිසි මෙහෙයුමකදී එම සිර මැදිරිවල අපද්‍රව්‍ය වැසිකිළි වලට ගලායන කාණු වල සඟවා තිබූ දුරකථනයක් බැටරි දෙකක් හා සිම් කාඩ්පත් දෙකක් අද (08) සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මේ මස 01 දින සහ 05 වැනි දිනද බන්ධනාගාරයේ සිර මැදිරිවල තිබි ජංගම දුරකථන සිම් කාඩ්පත් සහ බැටරි කිහිපයක්ද සොයා ගෙන ඇත.
කෙසේ වෙතත් දැනට බූස්ස බන්ධනාගාරය තුළ ජංගම දුරකථන සංඥා අක්‍රීය කිරීමේ උපකරණද සවිකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණ කටයුතු කිසිඳු අඩුවකින් තොරව දැඩිව ඉදිරියටම ගෙනියන්න. කිසිවිට බන්ධනාගාර නිලධාරින් විශ්වාසයට නොගන්න. නිතරම සෝදිසි මෙහෙයුම් කරන්න. සිරකරුවන් බැලීමට එන ඔවුන්ගේ ඥාතීන් හිතවතුන් හා සියලු දෙනා දැඩි පරීක්ෂාවට ලක්කරන්න. බන්ධනාගාර නිලධාරින් හා නිලධාරිනියන් බන්ධනාගාරය තුළට ඇතුල්වීමේදී හා පිටවීමේදී ඔවුන්ගේ ශරීරයේ සියලු තැන් හා ඇඳුම් දැඩි පරීක්ෂාවකට ලක් කරන්න. සියලු මං ඇහිරූ පසු මේ උවදුර විශේෂ කාර්ය බලකාය සිතනා ආකාරයටම පාලනය කිරීමට පුළුවන් වේවි...!!!