(ටෝනි කරුණානායක)
මල්වානේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට මහතාට සහ ඔහුගේ ඥාතියකු වන තිරු කුමාර් නඩේසන්ට අද ගම්පහ මහාධිකරණයේ දී අධිචෝදනා බාර දුන්නේය.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා තුනක් ඔවුන්ට එරෙහිව ගොනු කර තිබේ. අද අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන් දෙදෙනා මීට පෙර පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කර තිබූ පෙර ඇප මතම මුදා හරින ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය.
නඩුව යළි කැඳවීම ජූලි 27 වැනිදාට කල් තැබුණු අතර නඩු විභාගය දෙසැම්බර් අට වැනිදාට කල් තැබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මහජන මුදල් නේ..
රනිල් අගමැති සහ ඇමති විජේදාසලා ඉන්නකං බයවෙන්න මොකටද?
ඕක දැන් කවුරුත් දන්නවා...