(ගම්පහ අධිකරණ ටෝනි කරුණානායක)
දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහි නඩුව නොවැම්බර් මස 14 වැනිදාට කල් තබන ලෙසට ගම්පහ අංක 02 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද(12) නියම කළේය.
විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරු දෙදෙනා අගවිනිසුරුගේ විශ්‍රාම යාම සම්බන්ධයෙන් පැවැත්වෙන උත්සවයට සහභාගී වීම හේතුවෙන් නඩු විභාගයට වෙනත් දිනයක් ලබා දෙන ලෙස නිතිඥ නවීන් මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව නඩු විභාගය නොවැම්බර් මස 14 වෙනිදාට කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරි නඩු විභාගයන්ට දින කතිකා කරගෙන එදිනයට (නොවැම්බර් 14) මහාධිකරණයට දැනුම් දෙන ලෙස පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිස්ටරි ජනරාල් තුසිත් මුදලිගේ මහතාට සහ විත්තියේ නීතිඥ මණ්ඩලයට දන්වා සිටියේය.
COMMENTS
විනිසුරුතුමාට පාටියට ආරාධනා කරලා නැතෙයි...
පව්, අවිහිංසකයින් දෙන්නා තමන්ගේ නොවන බූදලයකට ආණ්ඩුව බලයෙන් නඩුවක් පටලවලා..!
අයිතිකාරයා නැති මාලිගාව...!
සාමන්‍ය වත්කමකට හිමිකම් තිබුණු රාජපක්ෂලා ප්‍රකෝටිපතියන් වූයේ කෙසේද? රාජපක්ෂලගේ ඉහවහගිය දූෂණ, වංචා, හොරකම්වලට දඬුවම් දීමට මහජන ඡන්දයෙන් මෛත්‍රීපාල ජනපතිත්, අගමැති රනිලුත් ජනතාව පත්කරගන්නා ලදි.. එහෙත් මේ වනතුරු කිසිම රාජපක්ෂ කෙනෙකුට දඬුවම් දී නැත. සිරිසේන රනිල් යටතේ මේ හොරුන්ට මේ කපේදි දඬුවම් නොලැබෙනු ඇත. අපි හමයන තුරුම නැවත නැවත මේ අයටම රට පාලනය බාරදෙමු..
බැසිල්තුමා කිව්වනේ ඒක එයාගේ නෙවෙයි කියලා.. ඇයි දැන් මේ බොරුවට නඩු පටලවන්නේ? ඒගොල්ලෝ අහිංසක අයනේ...
මේ නඩුවත් නොනවත්වාම අහන බවයි අපට නම් දැනගන්න තියෙන්නේ... හොරුන්ට දඬුවම් දෙනවා කියලා බලයට පත්වෙලා... හොරු එක්ක ඩීල් දමමින් නඩු කල් ඇරඇර කාලය කාදමමින් ඉඳල දැන් දඟලනවා. පොරොන්දු වුණු දේවල් ඉටු කරන්න.