(මුදිතා දයානන්ද)
බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල සුවඳවත් කරන්නට රුපියල් 1,63,62,500ක් වැය කරමින් එයාර් ෆ්‍රෙෂ්නර් සවිකර ඇතැයි බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සලෝචන ගමගේ මහතා ඊයේ (09) පැවසීය.
මෙම එයාර් ෆ්‍රෙෂ්නර් නැවත පිරවීමට එක් වතාවකට රුපියල් 26,25,000ක් වැය වන බව ද ගමගේ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ඊයේ පැවති බස්නාහිර පළාත් සභා රැස්වීමේදීය. බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ල මහල් පහළොවකින් සමන්විත වන අතර මෙම එයාර් ෆ්‍රෙෂ්නර් නැවත පිරවීමට එක් වතාවකට රුපියල් 26,25,000ක් වැය වන බව ද ගමගේ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ඊයේ පැවති බස්නාහිර පළාත් සභා රැස්වීමේදීය. බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ල මහල් පහළොවකින් සමන්විත වන අතර එහි සෑම කාමරයකටම එක් එයාර් ෆ්‍රෙෂ්නර් යන්ත්‍රයක් සවිකර ඇති අතර කමිටු ශාලා වැනි ස්ථානවලට යන්ත්‍ර දෙකක් හෝ තුනක් සවිකර ඇති බව ද ඒ අනුව සමස්ත ගොඩනැගිල්ලට රුපියල් 18,700 බැගින් මිලදී ගත් එයාර් ෆ්‍රෙෂ්නර් යන්ත්‍ර 875ක් සවිකර ඇති බව ද සලෝචන ගමගේ මහතා පැවසීය.
මෙම යන්ත්‍ර සති තුනකට වතාවක් මාරු කළ යුතු අතර එක් වතාවක් නැවත පිරවීමට එක් යන්ත්‍රයකට රුපියල් තුන්දහසක් බැගින් යන්ත්‍ර 875ට රුපියල් 26,25,000ක මුදලක් සභාවට එකතුවන ජනතා බදු මුදල්වලින් වැය වන බව පැවසූ සලෝචන ගමගේ මහතා මෙතෙක් කාලයක් සභා ගොඩනැගිල්ලට හෝ අමාත්‍යංශ කාර්යාලවලට හෝ එවැන්නක් නොතිබුණැයි කිසිදු ගැටලුවක් ඇති නොවූ බවද ඒනිසා එම මුදල පළාතේ ආබාධිත දරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් හෝ යොදවා ජනතාවට සේවයක් කරන ලෙස ද පැවසීය.
පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි පැරණි සභා ශාලාවේදී මෙම රැස්වීම ඊයේ පැවැත්විණ.
COMMENTS
ගොලයෝ ඔහොම ලෝක කොමිස් කාරයෝ. ඔක්කොම හොරු ටික වටේ තියන් රට කනවා.
මෙයාලගේ ගඳ එයා(ර්) ෆ්‍රෙෂ්න(ර්) වලින් වහන්න බැහැ.
ඕකට වැඩිය හොද නැද්ද තම තමන්ගේ මොලේ අඩු තැනක් තියනවනම් එක හද ගත්ත නම්.. ලංකාවට බලන් ගියහම ප්‍රශ්නයක් නැහැනේ.. එක පාරක් දොරක් දාන්න ලක්ෂ 83 ගානක් වියදන් කලා.. රට මොන තරං අගාදයකට වැටිලද? මේ මිනිස්සුන්ට පිස්සුද?
ප්‍රයෝජනයක් වේවිද ඕක ඇතුලේ ඉන්න මිනිසුන්ට ගඳ සුවඳ දැනෙන්නේ නැත. කොහොමත් ගඳත් සුවඳ වගේ ඒගොල්ලන්ගේ නහයට දැනෙන්නේ. ඒ නිසානේ පාරවල්වල කුණු ගොඩ ගැහිලා ගඳ ගහන්න ඉඩ දෙන්නේ.
කුණු භාර ගැනීම වෙනුවෙන් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට ගෙවන්න සල්ලි නැති උනාට රෝසි නෝනාගෙ කාර්‍යාලයෙ කුණු ගඳ යටපත් කරන්න සැන්ට් ඉහින්න කෝටි ගනන් වැයකරන්න පුළුවන්
එකසැරයක් ලක්ෂ හයා මාරේ පුටු මෙසැරේ කෝටිදෙකක සුවඳ. යකෝ මුන්ට මේ මොනවා වෙලාද. බෝල සබන් වලින් නොවෙයි සුවනද සබන් ගාලා ඇඟ හෝදගෙන සබාවට එන්නකෝ.
එකසැරයක් ලක්ෂ හයා මාරේ පුටු මෙසැරේ කෝටිදෙකක සුවඳ. යකෝ මුන්ට මේ මොනවා වෙලාද. බෝල සබන් වලින් නොවෙයි සුවනද සබන් ගාලා ඇඟ හෝදගෙන සබාවට එන්නකෝ.
ඕගොල්ලන්ගේ හඩුගඳ සඳුන් ඇඟේ තැවරුවත් යන්නේ නැත.
මම අදමයි ඇහුවේ උරු කොටු වල එයාර් ෆ්රෙශ්නර් සවි කරනවා කියලා.
මේවා යෝජනා කරන කෙනා ගේ මොලේ පරික්ෂා කලොත් හොඳයි නේද?
ටෙන්ඩරය ගිහින් තියෙන්නේ කාටද කියලත් බලන්න වෙයි. වංචා දුෂණ වලින් සරු කරපු, දේශපාලකයන්ගෙන් හා නිලදාරීන්ගෙන් වහනයවන දුගඳ මේ එයාර් ෆ්රෙශ්නර් වලින් වහන්න බැරිවෙයි. අවංකව සේවය කරන අයට හදපිරි ප්‍රණාමය.
මෙය සත්‍ය නම් කියන්න තිබෙන්නේ ජනතාව ගැන කිසිම තැකීමක් නැති දේසපාලකයින් හා ලෝකයේ මෝඩම චන්දදායකයින් ඉන්නේ අපේ රටේ කියන එකයි.
මේවගේ මන්ද මානසික ලෙඩ්ඩු තමන්ගේ නායකයෝ විදිහට පත්කරගත්ත ජනතාව තමයි මේවට වගකියන්න ඕනා . ජනතාව ගැන දුකයි.
උරන්ගේ අසුචි ගද මොන සුවදක් දැම්මත් වැඩක් නැහැ. මුන් ඔක්කටම අරාබියේ වගේ ගල් ගහලා මරන්න ඕනේ.
මුන්ට පිස්සු
පුටුවකට ලක්ෂ හයහමාරයි . පුටු සිය ගනනක්. දොරට ලක්ෂ 83 යි. සුවඳ මැෂින් වලට කොටි 1.63 යි මාසිකව පිරවීමට ලක්ෂ 27යි.මන්ත්‍රීලා ඔවුන්ගේ කාර්ය මංඩල.වාහන දුරකථන වැටුප් විවිධ දීමනා.කොපමනද.මෙවැනි සභා 9ට වැයවන මුදල කොපමනද.එයට සාපේක්ෂව ලැබෙන ප්‍රතිලාභයක් තිබේද.මෙම මුදල් රට සංවර්ධනයට යොදන්න තිබුන මුදල්නේද.එහෙම බලනවිට පලාත්සභා ඇතිනොකලානම් මේ රට දැනට වඩා ටිකක්වත් දියුනුකරන්න තිබුනානේද.දැන්වත් පලාබබා ඉවත් කරමුද.එහෙම නැත්නම් මෙවැනි විනාශ කාරී කටයුතු කරන සභාවන් වත් අහෝසි කරමුද
ඔය අපේ උගත් බුද්ධිමත් ඡන්දදායකයෝ තමන්ව නියෝජනය කරන්න පලාත් සභාවට යවපූ තමන් වගේම උගත් බුද්ධීමත් අවංක එඩිතර කාර්යශූර්ය ජනතා නියෝජිතයොනේ ඒ නිසා එ අයට වරදින්න විදිහක් නැහැ.ඔවුන් තමන්ගේ ඡන්දදායකයන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න අපේක්ෂා මුදුන් පමුණූවන්න නිතර වෙහෙස මහාන්සි වෙන කට්ටියක්නේ.
සෙනෙවි, මේ නගර සභාව ගැන නෙමෙඉ කතා කරන්නේ, බස්නාහිර පළාත් සභාව ගැන.
ඉන්දියාවේ රාජ්‍ය සේවකයෙක් ගොවියෙක්ගෙන් පගාව ඉල්ලූ පසු එම ගොවියා නාගයින් 40ක් පමණ බෑග් එකක දමාගෙනවිත් කාර්යාලයට නිදහස් කර දොර අගුලු දමා වසා ඇත. නැවත ජීවිතේට පගාව ඉල්ලන්නේ නැහැ කියලා අඬමින් පින්සේණ්ඩු වීමෙන් පසු දොරගුළු ඇර ඇත. අපිත් මෙවන් දේ අපේ පගා මාස්ටර්ලාට කරන්න කාලය ඇවිත්...
කොහමද ඉන්දියාව අපිට පහිටවපු පළාත් සභා? 2020 දී සබේ වෙනසක් අවශ්‍යයි. බදු ගෙවන ජනතාව ගැන තුට්ටුවත් මායිම් නොකරන දුෂිතයෝ. රජයේ ඉහල පුටු ඉඳන් පට්ට දුෂිතයෝ.
මෙම පුවතේ මොකක්හරි වැරැද්දක් තියෙනවා. මෙපමණ මුදලක් මොකටද ඔය වැඩේට... මට හිතෙන්නේ පුවත වැරදියි වගේ....
බලාගෙන ගියාම මෙතන තනිකරම දූෂණ සභාවක්නේ... සියලුම ගනුදෙනු විගණකාධිපති වෙත යොමු කළොත් හොඳයි වගේ. උඩ ඉඳන් පහළටම සුද්දයක් දාන්න වෙයි වගේ. වියදම් කරලා තියෙන්නේ පරම්පරානුගත දේපලද? සියළු ගනුදෙනු බරපතල මුල්‍ය, වංචා විමර්ශන ඒකකයට බාරදෙන්න.
රෝසි මට නම් රෝස සුවඳ මලක්. එයාගේ මුළු ඇඟම සුවඳ පිරී ඇත.
එයාර් ෆ්රෙශ්නර්ස්වලින් කරන්නේ ඇත්තටම වාතය පිරිසිදු කිරීමක් නොව එහි සවිකර ඇති සුවඳ කාට්‍රිජයෙහි ඇති සුවඳ සාමාන්‍ය වාතය හා ක්‍රමානුකූලව මිශ්‍රකර හැරීමයි. සුවඳ කෙසේ වෙතත් මේ සුවඳකාරක රසායන අපේ සිරුරට හිතකර නැතිබව මුළු ලෝකයම දන්නා කරුණක්. ඒගැන සොයාබැලීමට තරම් බුද්ධියක් මේ ඌරු කොටුවේ සිටින සතුන්ට නැත. ඒවායෙහි ලියුකේමියා වැනි රෝග සැදීමට තුඩුදෙන පිළිකාකාරක අඩංගුයි. මේ මෝඩ "ඌරෝ " තමන්ගේ ගඳ වසාගැනීමට මෙවැනි විෂ පාවිච්චි කර රෝගීවී මිය ගියාට නම් කමක් නැත. එ්ත් මොවුන් වියදම් කරන්නේ රටේ මිනිසුන්ගේ මුදල් වීමයි හිතට දුක...
මේක රෝසි මහත්මියගේ පළාත් සභාව නොවෙයි. ඉසුරු මැතිතුමාගේ පළාත් සභාවයි