(මුදිතා දයානන්ද)

බස්නාහිර පළාත් සභාවේ මහා සභා රැස්වීම ඝනපූරණය නැති කමින් ලබන විසි වැනිදා දක්වා කල් තබන්නට අද (6) නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතාට සිදුවිය.
මෙම වසරේ පැවති පළාත් සභා වාර නවයෙන් හතරක්ම මෙලෙස ඝනපූරණය නොමැති කම නිසා කල් තබන්නට සිදුවී තිබේ. මේ වසරේ ජනවාරි හා පෙබරවාරි සභාවාර දෙක නියමිත පරිදි න්‍යාය පත‍්‍රය අවසන් කර සභාව කල්තබා ඇති අතර අපේ‍්‍රල් 4 වැනිදා සභා වාරය හැර මාර්තු 7 වැනිදා සිට පැවැත්වූ අනෙකුත් සභා වාර සියල්ල ඝනපුර්ණය නොමැතිකමින් කල්තබන්නට සිදුවී තිබේ.

ගංවතුරෙන් හා නායාමෙන් විපතට පත් ජනතාවට ශෝකය පළ කිරීම හා සහන සැලසීම සම්බන්ධයෙන් පැවති යෝජනාවකට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ලලිත් එල්ලාවල මහතා සිය අදහස් දක්වමින් ඝනපුර්ණය ගැන මතුකළ අදහසක් මෙමම තත්වය ඇතිවීමට බලපෑවේය. මෙවැනි මාතෘකාවක් කතා කරද්දී මන්ත‍්‍රීවරු සභාවේ රැ ඳී නොසිටිම කණාගටුවට කරුණක් බවත් තමන් අදහස් දක්වන මේ අවස්ථාවේත් සභාවේ ඝනපූර්ණය නැති බවත් කිවේය.