IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බස්නායක නිලමේවරුන්ගේ මුල් පුටුව හීන්කෙන්දට

(චමිල් රූපසිංහ)
 
 මහනුවර නාථ දේවළයේ බස්නායක නිළමේ ගයාන් හෂීල හීන්කෙන්ද මහතා සමස්ත ලංකා බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ නව සභාපති ලෙස පත්විය.
 
 වෘත්තියෙන් නීතීඥයෙකු වන හීන්කෙන්ද මහතා වර්ෂ 2001 සිට මේ දක්වා අඛණ්ඩව බස්නායක නිළමේවරයෙකු ලෙස කටයුතු කරන අතර බදුල්ල පත්තිනි දේවාළයේ බස්නායක නිළමේ ධූරයට 2001 වසරේදී පත්විය.
 
අනතුරුව ඒ මහතා ගඩලාදෙණිය විෂ්ණු දේවාළයේ බස්නායක නිළමේ ධූරයට පත්වූ ඒ මහතා මහනුවර සතර මහ දේවාළයන්හි  එකක් වන ශ්‍රී නාථ දේවාළයේ බස්නායක නිළමේ ධූරයට 2013 වසරේ පත්විය.
 
 පළමු ධූර කාලයෙන් අනතුරුව යළිත් 2018 වසරේදී නාථ දේවාළයේ බස්නායක නිළමේ ධූරයට හෙතෙම පත්වූ අතර ගතවූ කාලය තුළ නාථ දේවාළයේ සිදුකර තිබෙන සංවර්ධන වැඩකටයුතු මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගරුතර සංඝරත්නයේත් බෞද්ධ ජනතාවගේත් නොමඳ පැසසුමට ලක්ව තිබේ.
 
 මහනුවර නාථ දේවළයේ බස්නායක නිළමේ ගයාන් හෂීල හීන්කෙන්ද මහතා ලෙස කටයුතු කරන ඒ මහතා මහනුවර ත්‍රිත්ව විදුහලේ ආදි සිසුවෙකි.


 



අදහස් (4)

බස්නායක නිලමේවරුන්ගේ මුල් පුටුව හීන්කෙන්දට

sirimal Tuesday, 09 April 2019 12:52 PM

මේ වගේ වගකීම් සහිත තනතුරු වලට වැදගත් උදවිය තෝරා ගත්තු කාලයක් තිබුණා මතකයි. දැන් ඒක නිකන් " මහජන සම්පත " ගානට වැටිලා.

:       0       0

Reality of Devala Wednesday, 10 April 2019 02:47 AM

හීන්කෙන්ද නිලමේ තුමනි, මහා නුවර දළදා බිමෙහි ඇති සියලු දේවාල වල සිටින කපු මහතුන් හා අනෙක් සේවක පිරිසත් , රට වටා ඇති බොහොමයක් දේවාල වල සේවක පිරිසත් ඒ පුද බිම් වල ඇති ගෞරවය කෙලසති, එමෙන්ම පූජා දිනවලදී ඔවුන්ගේ ඉතා කිලිටි අවපැහ ගැන්වුන අපිරිසුදු වස්ත්‍ර වලින් සැරසී දේව මෙහෙයේ යෙදෙති. එපමණක් නොව පෙරහැර පවතින දිනවලදී නැටුම් කණ්ඩායම් වල නටන බොහෝ පිරිමි පාර්ශවයේ පිරිස් සුරා පැන් බෝතල් පිටින් අමු අමුවේ බොමින් නටන නැටිලි අපි කොතෙකුත් දැක ඇත්තෙමු. මෙවැනි අශෝභන දේ දකින විට දෙවියන්ට පමණක් නොව මනුෂ්‍යන් වන අපටත් පිළිකුලක් දැනේ . කරුණාකර ඉදිරියේදීවත් මෙවැනි නින්දිත ක්‍රියා වළක්වාලීමට සුදුසු කළමනාකාරීත්වයක් ගොඩ නගා අභාවයට යන ලක් දේවාල සංස්කෘතිය ගොඩ ගැනීමට කටයුතු කරන මෙන් සියලු බැතිමතුන් වෙනුවෙන් ඉල්ලමි.

:       0       27

Sanath Wednesday, 10 April 2019 07:45 AM

නිළමේ ඇඳුමට කරන අගෞරවය වැලැක්වීමට මුලින්ම පියවර ගන්න.

:       0       2

sirimal Wednesday, 10 April 2019 09:00 AM

අතීතයේදී මෙවන් නම්බුකාර පදවි පැවරුනේ සියලුම දෙනා පිළිගත් වැදගත් ලෙසට පිළිගත් ප්‍රභූන්ටයි. අද වනවිට දළඳා මාලිගාවේ මෙන්ම සියලු දේවාලයන්හි මෙවන් තනතුරු සඳහා සුදුස්සන් තෝරා පත් කර ගැනීම දිනුම් ඇදීමක් තරමට සල්ලන් වී ඇති බවක් පෙනෙන්නට තිබීම කෙතරම් ඛේදජනක දැයි කෙනෙකුට සිතෙන්නට බැරි නැත. මේවාට සම්බන්ධ මහනායක ස්වාමින් වහන්සේලා මේ ගැන සිතා බැලුවොත් යෙහෙකි...

:       5       42

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30993 35


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13131 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10939 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 870 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 909 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site