(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 1 1/2 අධික වටිනා හොරොයින් තොගයක් සමඟ බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගේ ගෝලයකු ආදුරුප්පුවීදිය කොරියාවත්තේ දී කොළඹ මධ්‍යම කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අද (27) අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් නිලධාරීන් කොරියාව වත්තේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අමානූල් රහුමාන් ශ්‍යාමි (41) නැමැත්තෙකි.
මෙම සැකකරු බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගේ හෙරොයින් ජාවාරමේ ප‍්‍රධාන ගෝලයකු බවත් සැකකරු නිවස වටා සී සී ටී වී කැමරා හතක් සවිකරගෙන දැඩි ආරක්ෂිතව හෙරොයින් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd