IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බෙලිහුල්ඔය සිට ලෝකාන්තයට කේබල් කාර් ව්‍යාපෘතියක්

අජිත්ලාල් ශාන්තඋදය, ප්‍රින්ස් රත්නායක සහ  වයි.ඒ.එස්. වීරවංශ

සමනලවැව ජලාශය ආසන්නයේ බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් ඩුබායි රජයේ ආධාර ඇති නුදුරු කාලය තුල අරඹන බව සබරගමු පළාත් ආණ්ඩුකාරවර නිලූකා ඒකනායක මහත්මිය සබරගමුවේ උසම ගම්මානය වූ නැග්රැක් ගම්මානයේ දී   ප‍්‍රකාශ කළාය.

ලෝකාන්තයේ පාමුල පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නන්පෙරියල් වතු යායයි. නන්පෙරියල් වත්ත හරහා නැග්රැක් ගම්මානයට ගොස් එතැන් සිට ලෝකාන්තයට පිවිසීමට මාර්ගයක් ද පිහිටා ඇත. එය ඉතා දුෂ්කර එකකි.

නැග්රැක් දක්වා වාහනයකින් එනවිට නන්පෙරියල් තේ කර්මාන්ත ශාලව අසල වතු සමාගම විසින් බැරියර් දමා අවසර ගෙන යායුතු බවට තහංචි දමා තිබේ. එහෙත් සමහර අවස්ථාවල වතු සමාගමේ මෙම බැරියර් එකෙන් ඇතුලූවීමට අවසර නොදෙයි. මෙම මාර්ගය සබරගමු පළාත් සභාව සහ ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභාව මගින් පාලනය වන නිසා වහාම එම බැරියර ඉවත් කර ජනතාවට නිදහසේ ගමන් කරන්න අවස්ථාව සලසා දෙන ලෙස වතු සමාගමේ නියෝජිතයන්ට දැනුම් දුන්නේය.

නැග්රැක් සංචාරක බංගලාවේ දී අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාරවර නිලූකා ඒකනායක මහත්මිය මෙසේ ද කීවාය.

‘බෙලිහුල්ඔය ප‍්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණීය ස්ථානයක්. ලෝකාන්තයට මේ පැත්තෙන් යා හැකියි. සබරගමු පළාත් සභාව ඩුබායි රාජ්‍ය සමග සාකච්ඡා කර තිබෙනවා බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් ආරම්භ කිරිමට. එමගින් සංචාරක කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කළ හැකියි.

සබරගමු විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ ආශිර්වාදය එයට තියනවා. ඊට සමගාමීව සමනල වැවේ සංචාරක බෝට්ටු සේවයක් ද අරඹනවා. බෙලිහුල්ඔයට එන දෙස් විදෙස් සංචාරකයන්ට ලෝකාන්තයත් නරඹලා බෝට්ටු සවාරියකුත් ගිහං පාරිසරික රසවින්දනයක් වගේම සංචාරයක නිරත වන්නට ඉන් අවස්ථාව ලැබෙනවා.

මම මේ ව්‍යාපෘතිය ගැන අතිගරු ජනාධිපතිතුමාට දැනුම් දුන්නාම එතුමා කිව්වේ ශ‍්‍රීපාදස්ථානයට නැතුව වෙන  ඕනෑ තැනකට කේබල් කාර් ව්‍යාපෘති  හ`දුන්වලා දෙන්න කියලා. ඒ නිසා මම ආණ්ඩුකාර ධූරයේ ඉන්න කාලය තුල මේ කෙබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරිමට ගතහැකි හැම පියවරකම ගන්නවා‘ යැයි ද ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසුවාය.

ඡායාරූප ප්‍රින්ස් රත්නායක



අදහස් (9)

බෙලිහුල්ඔය සිට ලෝකාන්තයට කේබල් කාර් ව්‍යාපෘතියක්

කමිල සංජීව Tuesday, 25 September 2018 05:45 PM

මෙම මාර්ගයේ සමහර කොටස් කොන්ක්‍රීට් කර තිබෙන්නේ මහජනයාගේ මුදලින් ඒ බවට නාම පුවරු ද සවිකර ඇත. එමෙන්ම බේකර්ස් බෙන්ඩ් වගේ ලාංකික සැමටම අයත් වටිනා ස්ථාන ද පිහිටා ඇත. එහෙත් වතු සමාගම් විසින් මෙම මාර්ගය ඔවුන්ගේ පුද්ගලික දේපළක් ලෙස ගේට්ටු දමා අවහිර කර ඇත. මෙය ඔවුන්ගේ පුද්ගලික දේපළක් නම් මහජන මුදල් වැය කර කොන්ක්‍රීට් කර තිබෙන්නේ ඇයි. පොදු මාර්ගයක් නම් එය මෙලෙස අවහිර කිරීමට ඔවුන්ට ඇති අයිතිය කුමක්ද

:       0       292

ඇත්ත සත්‍යපාල Tuesday, 25 September 2018 10:07 PM

කමිල, මේ රටේ කොහෙද නීතියක් තියෙන්නේ ? දේශපාලකයෝ සහ ඔවුන් පත්කරපු ඔවුන්ගේ නිලධාරී මේ රට විකුණමින් වනසමින් ඉන්නවා. ඒක තේරුම් ගන්න පුළුවන් ජනතාවකුත් නෑ. මේ පක්ෂේ අයට අරකෙ අය බනිනවා, අරකෙ අය මේකේ අයට බනිනවා. බැන බැන මානසික සතුටක් ලබනවා. මේ ආණ්ඩුව රට විනාශ කරනවා. එහෙමයි කියල මහින්දලත් ආණ්ඩුවට දැනෙන්න රිදෙන්න දෙයක් හෝ පෙරලන්න පීඩනයක් ඇති කරන්න කරන කිසිම දෙයක් නෑ. තමන් වටා ඉන්න ආණ්ඩු විරෝධීන් ඡන්දයක් එන තුරු තියාගන්නට ඉඳහිට සංදර්ශනයක් කරනවා. ඒ කියන්නේ දෙගොල්ලන්ම අන්‍යොන්‍ය සහයෝගයෙන් තම තමන්ගේ කිල්ලෝට වල හුණු හංගගෙන ඇදගෙන යනවා. එයාලා ආවත් කරන දෙයක් ගැන විශ්වාසයක් නෑ. ඉන්නෙත් පරණ අය. අන්තිමට රටත් රටේ ජනතාවත් මහා අදුරු අනාගතයකට යන බවනම් ඉතා පැහැදිලියි. ජනතාවත් ඔහේ විවේචනය කරමින් අඝාදයට වැටෙන තුරුන යන බවත් ඉතා පැහැදිලියි. ගොඩ ගන්නට කෙනෙක් හෝ ක්‍රමයක් ළගකවත් නැත. හරිම වේදනාකාරී තත්වයක්.

:       96       9

JahamanayaaThursday, 27 September 2018 05:13 AM

මීට වඩා අවශ්‍ය වැඩ නැද්ද.?

:       0       0

ලුම්බිණි Wednesday, 26 September 2018 01:39 AM

ඩුබායි රජයේ ආධාර ඇතුව කිව්වේ ණය මුදලක්ද එහෙම නැත්නම් ආධාරයක්ද? සබරගමු විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ ආශිර්වාදය එයට තියනවා කියන්නේ මේ ගැන අධ්‍යනයක් කරලද?

:       9       55

KANDEPOLA Wednesday, 26 September 2018 03:55 AM

කවුරුත් කලබල වෙන්න එපා. මේ ආත්මෙට ඔය කේබල් කාර් ව්‍යාපෘතිය සිද්ධ වෙන්නේ නෑ. මීට කලින් සැලසුම් කරපු කේබල් කාර් ව්‍යාපෘති රාශියක් රට පුරා තියෙනවා. මහනුවර, නුවරඑළිය වගේ තැන් වල සමහර ගිවිසුම් පවා අත්සන් කළා. තවම හදන්න හිතලවත් නෑ.

:       1       12

දිලන්ත පෙරේරා Wednesday, 26 September 2018 04:14 AM

නේපාලය වගේ රටවලත් කේබල් කාර් ව්‍යපෘති සාර්ථකව කරලා තියෙනවා. එයට දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ පැමිණීම ඉතා අධිකයි. අපි එවැනි ව්‍යපෘති ගැන වසර 30ක් තිස්සේ කතා කරනවා පමණයි.

:       0       41

tissa Wednesday, 26 September 2018 05:24 AM

සබරගමු විශ්ව විද්‍යාලයක් මේකට ගාවගන්න එපා සල්ලි දෙන එකයි ප්‍රධානම දේ.

:       3       6

SandiWednesday, 26 September 2018 08:31 AM

සබරගමු විශ්ව විද්‍යාලයේ විද්වතුන් ඉන්නවාද? මේකට ගාවගන්න එපා...

:       0       1

PROF Wednesday, 26 September 2018 08:25 AM

සබරගමු විශ්ව විද්‍යාලයේ විද්වතුන් ඉන්නවාද? මේකට ගාවගන්න එපා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 656 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site