(දයාරත්න ඇඹෝගම)
කටියන්ගල්ල නව ගම්මානයේ නව හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කළ බව කියන හමුදා සෙබළකුට ගම්වාසීන් පහර දීම නිසා ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් කර ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.
මෙසේ ගම්වාසීන්ගෙන් පහර කෑමට ලක්වී ඇත්තේ ඉපලෝගම සේනපුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි විවාහක හමුදා භටයෙකි. මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම හමුදා කඳවුරකට අනියුක්තව සේවය කරන අයෙකි.
මෙම පුද්ගලයා සිය යතුරුපැදියෙන් දරුවාගේ නිවසට ගොස් දෙමාපියන්ටත් හොරා දරුවා රවටා ගෙන සිය නිවසට කැඳවා ගෙන ගොස් දරුවා අපයෝජනය කර ඇති බව පොලිසිය කියයි.
වතාවක් දෙවතාවක් සිදුවු ගැහැට ඉවසා ගත නොහැකිවු දරුවා සැකකරුගෙන් මිදී වෙල්යායක් මැදින් සැතපුමක් පමණ දිව යද්දී හමු වු ගම්වාසියකු සමඟ සිය නිවසට ගොස් තිබු බවද පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය අනාවරණය වීමෙන් පසුව සැකකාර හමුදා භටයාට ගම්වාසින් එක්ව පහර දීමෙන් පසුව ඔහු මෙලෙස කැකිරාව රෝහලට ඇතුළත්ව තිබිණි.
සැකකරුගේ බිරිඳ මීට මාස කිහිපයකට පමණ පෙර විදෙස් ගතවී ඇතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවෙකුට පහරදීම අනුමත කල නොහැක.
අර කහකඩ කාරයොයි, ආමි කාරයොයි දෙගොල්ලම පුනරුත්තාපනය කරන්න වුවමනායි.
හරියට හරි. නියම මිනිස්සු. පොලිසියට නීතියට කරන්න බැරි දේ කලාට ස්තුතියි නුඹලාට..
රණවිරුවෙකුට පහරදීම අනුමත කල නොහැක.
මෙන්න රණවිරුවන්ට ගහනවෝ..!
රණවිරු දඩයම නතර කරනු. ජනතාවනි පෙරට එනු.