IMG-LOGO

බලංගොඩ බොල්තුඹේ දේවාලයේ ඉපැරණි භාණ්ඩ සොරකම් කරලා

(ප්‍රින්ස් රත්නායක)
බළන්ගොඩ පින්නවල ඓතිහාසික බොල්තුඹේ දේවාලයට කිසියම් පිරිසක් ඇතුල්වී එහි තබූ වටිනා භාණ්ඩ සොරකම්කරගෙන ගොස් ඇතැයි   බස්නායක නිලමේ සිසිර ජිනේන්ද්‍ර පරණගම මහතා විසින් පින්නවල පොලීසියේ පැමිණිලි කර ඇත.
 
සෙමරෙහි මිට, ඇත්දළ කැටයම් මිට කෞතුකාගාරයේ ඇති ඔටුන්නේ කරඬුව,සහ කෞතුකාගාරයේ පැවති මුදු 03 ක් සහ මකර තොරණේ පිළිම දෙකක් අස්ථානගතව ඇත.
 
  සෙනසුරාදා ( 08)  පෙරවරු දේව පූජාව සඳහා සූදානම් කිරීමට කපු මහත්වරු විසින් දොර විවෘත කිරීමේ දී වම්පස දොරටුව විවෘත කර ඇති බවට තහවුරුවීමේන් පසුව අදාළ අංශ දැනුවත්කර ඇත. 
 
එහි පොලිස් මුරපොලෙහි සේවයේ යොදවා ඇති නිලධාරයාට මේ පිළිබඳව පළමුව දැනුම්දීමෙන් අනතුරුව   අදාළ අංශ දැනුම්වත් කර තිබේ.
පින්නවල පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. එස් මයුරසිංහ මහතා සඳහන් කළේ  මේ පිළිබඳ සියලු විමර්ශන කටයුතු ආරම්භකර ඇති බවයි.

( ඡායාරූප-සම්පත් ප්‍රියනන්දන ) 



අදහස් (5)

බලංගොඩ බොල්තුඹේ දේවාලයේ ඉපැරණි භාණ්ඩ සොරකම් කරලා

Bandarq Sunday, 09 June 2019 09:04 AM

රාවණා රජතුමාගේ දඬු මොණරය තියෙන්නෙත් මේ දේවාලයේ කියලා අහලා ඇතිනේ...

:       7       19

NuwanSunday, 09 June 2019 01:59 PM

එහි ආකෘතියක් කියල අහල තියෙනවා. දැන්වත් ඕක රටට පෙන්වලා ජාතික කෞතුකාගාරයට භාර නොකලොත් මහා විනාසයක් වෙනවා. අපට රාවණා රජ ගැන තියන ප්‍රභලම සාක්ෂිය. මගේ හිත නැවතුනා මොහොතකට ප්‍රවෘත්තිය දකිද්දී. සුමන සමන් දෙවියනි එය රකින්න.

:       0       17

janaka Monday, 10 June 2019 04:07 AM

මුලින්ම බස්නායක නිලමේ සහ භාරකාර මණ්ඩලය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කලයුතුයි, ඔවුන්ගේ සහ පවුලේ අයගෙත්, ඔවුන්ගේ හිතවතුන්ගේත් ජංගම දුරකථන සහ ස්ථාවර දුරකථන සම්බන්ධතා පරික්ෂා කලානම් සියලු දේ විසදෙයි.

:       0       4

චමින්දMonday, 10 June 2019 09:19 AM

රූපවාහිනී පුවත්මගින් මේ ගැන පෙන්වද්දී බස්නායක නිලමේගේ මුහුණට අනුව නම් ජනකගේ අදහස හරියි කියලා හිතෙනවා.

:       0       1

sirimal Monday, 10 June 2019 10:39 AM

දෙයියන්ටම පෙනීයන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2134 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 659 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 737 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site