(රංජන් කස්තුරි)
බෙලිඅත්තේ සිට හම්බන්තොට දක්වා වන දුම්රිය මාර්ගය අලුතින් ඉදිකර පවත්වාගෙන යාම සඳහා දේශීය හෝ විදේශීය ආයතනයකට පැවරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
බෙලිඅත්තේ සිට හම්බන්තොට දක්වා වන දුම්රිය මාර්ගයේ දිග කීලෝමීටර් 47ක් වන අතර එම දුම්රිය මාර්ගය ඉදිකිරීමට බාර ගන්නා ආයතනයට වසර 30ක කාලයක් එය නඩත්තු කර පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දීමටද එම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කැබිනට් මණ්ඩලය පත්කළ උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නියමයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මෙම තීරණයට එළැඹී ඇති අතර නව දුම්රිය මාර්ගය ඉදිකිරීම එය පවත්වාගෙන යාම සඳහා දේශීය හෝ විදේශීය ආයතනයක් සොයා ගැනීමට ප්‍රචාරක කටයුතු අරම්භ කර තිබෙන බවද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මාතර සිට බෙලිඅත්ත දක්වා වන දුම්රිය මාර්ගය මේ වන විට ඉදිකරමින් තිබෙන අතර මේ වසරේ අවසානයේදී එහි ඉදිකිරීම් නිම කෙරෙන බවද ඔහු කීය.
COMMENTS
දැනට තිබෙන තත්වය අනුව ඕක ඉවර කරන්න තව අවුරුද්දක් විතර යනවා , අධි වේගී මාර්ගය බෙලිඅත්ත දක්වා නිම කරන්න තව අවරුදු 3 විතර යාවි.
අලුතින් ඉදිකර කියන්නේ හදපු එක කඩල ආයෙ හදනවද නැත්නම් දැනටමත් හදල තියන එක පවත්වාගෙන යනවද?
ඉතා හොඳ තීරණයක්. නැතිනම් මේ ව්‍යාපෘතිය නිම කරන්න තව දශකයකින්වත් බැරිවෙයි. හැබැයි වනාන්තර හා වගා බිම් හැකිතාක් මඟහැර ඉදිකිරීමට වගබලා ගත යුතුමයි. වන සතුන්ගේ ආරක්ෂාවටත් සමාන්තර වැඩපිළිවලක් යෙදීම අත්‍යාවශ්‍යයි. ඒ වගේම තෙවැනි අදියර ලෙස හම්බන්තොට සිට කතරගම දක්වා දිගුව නුදුරු අනාගතයේදීම ලබා ගැනීම මේ රටේ මහජනතාවගේ මෙන්ම සංචාරකයන්ගේ ද ඒකායන බලාපොරොත්තුවයි.