(අනීෂා මානගේ)
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවෙ විපක්ෂනායකවරයා අද(20) උදෑසන වෙඩි වැදීම නිසා බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.
මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ කපිල අමරකෝන් (44) නම් තිදරු පියෙකි.
අද පෙරවරු 6.15ත් 7ත් අතර කාලයේදී විපක්ෂනායකවරයාට වෙඩි වැදී නිවෙසෙහි කාමරයක් තුල සිටියදී ඔහුගේ මව දැක රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.
බෙලිඅත්ත පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

COMMENTS
අපෝ ඔය පැත්තේ කොහොමත් ඉන්නේ චණ්ඩිනේ... චණ්ඩි මලෝස්, උන් හදපු වගේම පල්හොරුනේ ඉන්නේ එහේ...
නිම්න කියලා ඔය ලියන කෙනා මොනවද දකුණ ගැන දන්නේ? දකුණ නැත්නම් ඔබලට රටක් නෑ. අද මෝඩයෝ වගේ ලියන්න එපා..
අන්න එච්චරයි චමත් මට ඇහුනේ...
පාතාලෙ එක්ක නිදිවැදුනම නැගිටින්න වෙන්නේ වෙඩි එක්ක තමයි.
ඇත්තනේ මේ අය ලියලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත ඇමැතිවරු වගේම කුඩු කාරයෝ, මිනිමැරු පාතාලය ඔක්කොම දකුණේ. සාමකාමී මනුෂ්‍යයෙකුට ජීවත්වෙන්න නුසුදුසු පළාතක් දකුණ....
මම නම් ඉන්නේ දකුණේ නෙමෙයි.. ඒත් මේකේ අදහස් දාන මෝඩ මිනිස්සු අදටත් ඉන්නේ තමන්ගේ පළාත් අනුව බෙදාගෙන.. වෙන රටවල්වල මිනිස්සු අනිත් රටවල් එක්ක තරග කරද්දී අපේ මෝඩයො තමන්ගේම සහෝදර මිනිස්සු ඉන්න පළාතකට බැන බැන ඉන්නවා.. කවදා දියුණු වෙයිද මේ රට?
ඇත්ත. බෙන්තර පාලමෙන් එහාපැත්තේ ඉඳන් පූසෙක්වත් ගේන්න එපා කියා මුතුන්මිත්තන් කිව්වේ කටකහනවට නෙමෙයි...
ඇත්ත මේකනෙ, අපේ දෙමව්පියෝ අසල්වාසීන් පවා දකුණ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපි විනෝද චාරිකාවක් ගිහින් දකුණ හරහා එනවා නම් ඒ ගොල්ලො කියන්නේ පරිස්සං වෙන්න කියලා. මොකද වාහනයක් වුණත් පොඩ්ඩක් වැදුණත් දකුණේ මිනිස්සු මන්නෙ අරන් එන්නෙ කියලා. කොච්චර දරුණුද කියලා තේරෙනවනේ...
සහතික ඇත්ත තිළිණ. සිංහල ජාතියට කෙළවිලා තියෙන්නේ ඔය බෙදීම නිසා තමයි. මේ අපි ඉපදුණු, මැරෙන අපේ මාතෘභූමිය කියලා හිතන අය බොහෝම අඩුයි.
ඔය ඉතින් දකුණේ කට්ටියනේ. ඕකත් ප්‍රවෘත්තියක්ද?
කොහොම වුනත් තංගල්ල කියන්නේ දැන්, චිකාගෝ වගේ අපරාධවලින් නොටෝරියස් ප්‍රදේශයක්. කවුරුත් දන්නා ඇත්ත කතාව එ්කයි. මේ රටේ වෙනත් පළාත්වල කෙරෙන අපරාධ බොහොමයකත් මුල තියෙන්නේ දකුණු පළාතේ! ඉස්සර නම් ඔහොම නෙමෙයි. තංගල්ලේ මගේ යාළුවො කීප දෙනෙක්ම හිටිය. අද නම්, තංගල්ලේ කෙනෙකු එක්ක කතා කරන්නවත් මම කැමති නැහැ. ඒ ගොල්ලෝ හෙමින් සීරුවේ "මානුෂික මෙහෙයුම්" ක්‍රියාත්මක කරන හින්දා... !
කෝ මේ බමුණු? ලෙඩ්ඩු බලන්න බෙලිඅත්තේ ගිහිල්ලද?
සියලු දෙනාටම ඔලුව හොඳ මදි වගේ මට පෙනෙන්නේ.... රටක් වශයෙන් කතා කරන්න පුරුදුවෙන්න ඕනේ නේද?
දකුණේ මිනිස්සු නැත්නම් තවමත් කොටි උතුර පාලනය කරන අතර, අනිත් පළාත්වලත් බෝම්බ පුපුරවති. නමුත් හොර මැරකම් අනුමත කල නොහැක...
යුධ පිටියට ගියේ අනුරාධපුරෙන් තමයි බහුතරයක්ම. බේද වෙන්න කියනවා නොවෙයි, විනාශකාරී ත්‍රස්තයින් බිහි වුනේ දකුණෙන් තමයි. තාමත් ඒවා නැහැ කෙළවරක්... හැම එකටම මුල එතන. රටේ විනාශයක් වුණාද මුල ඒ ත්‍රස්තයින්...
මම නම් දකුණේ නෙවෙයි. අපි දකුණ නුවර, කොළඹ, ආනන්ද, නාලන්ද, රෝයල්, උඩරට, පහතරට කියකිය බෙදිලා අපි අපිවම කපාගන්නවා. අනික් ජාතීන් දෙක අපිට කෙළවපු දවසටත් ඕවම කියකියා ඉඳපල්ලා...
‘සිරි‘ ඔයාලා කියන කතා ඇහුවම ඇඬෙනවා. සත්‍ය හංගලා බොරුවෙන් පහර දීම දැන් අපේ මාතෘ භූමියේ අයට පුරුද්දක් වෙලා. ආයුධ ලොරි ගණන්... සල්ලි කෝටි ගණන් උතුරට යැව්වේ කියලා ලංකාවෙම මිනිස්සු දන්නවා. පොලිසියේ 700 ගාණක් යටත් කරලා මරලා දාන්න අණ දුන්නේ කවුද කියලත් දන්නවා. ඒ නිසා යුද්ධය ජයගෙන සියලුම ලංකා වාසීන්ට නිදහස ලබාදුන්නු රාජපක්ෂවරුන්ට දොස් කියන්න එපා..
නුවණක්කාරයනේ... ඒකයි ඔය ප්‍රතිඵල....
සමන්ත නම තියන කෙනා වගේම තමයි මේ සමන්තත්.. අපට මරණ බයක් නැතිව ඕනම තැනක යන්න පුළුවන් විදියට ලංකාව හදලා දුන්නටවත් ගරුකරන්න ඉගෙන ගන්න. රාජපක්ෂවරු අදටත් ලෝකයාගෙන් මෙන්ම අපේම සිංහලුන්ගෙන් දොස් අහන්නේ යුද්ධය ඉවර කරපු පාපයට බව මතක තබාගන්න.
දකුණ ගැන කතාකළා ඇති.... අර වෙඩි වැදිච්ච මනුස්සයාට නිවන් සැප ප්‍රාර්ථනා කරන්න අනේ...
අපේ රටට හෙනගහලා තියෙන්නේ මේ අනවශ්‍ය බෙදීම් නිසා නොවේද? වරදට වැරැද්ද කියලා හරි දේට හරි කියලා කටයුතු කරනවා නම් නේද හොඳ? උතුර දකුණ මැද කියා කුළල් කන්නේ නැතිව වැඩකරන්නේ කවද්ද?
අම්මෝ ඔය පළාතේ මිනිස්සු ගැන නම් කතා කරලා වැඩක් නැහැ. හරිම කලහකාරියි. සිත්වල සාමයක් ඇත්තෙම නැහැ. මිනිස්සු මරණ එක ඒ අයට සෙල්ලමක්.
දකුණු පළාතේ මිනිස්සු තරම් ඉඩකඩම් දේපල තණ්හාව තියන මිනිස්සු කොහෙවත් නැහැ. ගෙදරකට ගොඩ වැදුනොත් ඉඩම් නඩුවක් ඇරෙන්න වෙන කතාවක් නැහැ. අපේ සමහර නෑදෑයන්ව අතේ දුරින් තියාගන්නේ. ඔය පැත්තේ කාට හරි පරම්පරාගත ඉඩමක් තිබිලා අයිතිකාරයා කොළඹ නැති නම් පිටරට නම් ඒ දේපල ගැන තියෙන ආසාව හිතින් අයින් කර ගන්න. චන්ඩිකම් ඇරෙන්න වෙන මොකුත් ඔය පැත්තේ මිනිස්සුන්ට නැහැ.
ප්‍රවෘත්තියට අදාලව අදහස් ලියවුනාදැයි මට පැනයකි. දකුණ සහ දකුනේ මිනිස්සුන්ගේ හැටි ද මේ ලියලා තියෙන්නේ. පොදු ස්ථානයක දී අපි උතුර ද දකුණ ද බලන්නේ නැතිව ඉන්නවානම් නේද වඩා හොඳ? මා දකුනේ නොවූවත් මගේ හිතවතුන් බොහෝමයක් දකුනේ. නුමත් මේ කියන අවලාද ඔවුන්ට ගැලපෙන්නේ නැති බවයි මට හිතෙන්නේ. මුහුණුපොතේ සහ අන්තර්ජාල පුවත්පත් සඳහා තමාගේ මතයන් ප්‍රකාශ කිරීමේදී මේ දකුණ සහ දකුනේ නොවන අය මෙලෙස ඇන කොටා ගැනීම දැකීම මට අප්‍රසන්නයි. ඉදිරියටවත් මේ ගැටළුව අඩු කරමු ද?
මම රට හිටියත් උපන් ගම අනුරපුර නවනගරය, ගොඩක් අදහස් දාන අය පටලවාගෙන තිබෙනවා රණවිරුවන් ලංකාවේ උතුර හැරෙන්නට හැම පළාතකින් යුද්දයට එකතු වුණා මේ අය අපි වෙනුවෙන් ජීවිතය පුජාකළ උත්තමයන්, අනුරපුර කඩ දොළහේ ඇති මල් සාලාවට රැට,රැට ගෙනෙන මියගිය සෙබළුන් කොපමණද කියා මම සියසින් දුටුවා කණගාටුයි කියන්නට, මෙහි අයිතිකරු මම දන්නා කෙනෙක්. දකුණද, වමද ඔබල සමග මොන කථාද?
මේ අයත් වීරයෝ තමයි. අපි වෙනුවෙන් රට හදන්න ඉදිරිපත් වෙලා ගහ මරාගෙන වෙඩි කාල පුදුම උත්සහයක් ගන්නේ රට හදන්න.
මම ඉන්නෙ ජපානෙ ඉස්කෝලෙක. අපේ ඉස්කෝලෙ ඉන්න ලංකාවෙ 14න් 6ක් දකුණේ. හැමදාම රණ්ඩු. පන්තියේ කෑ ගහනවා. ඉගෙනගන්න කෙනෙකුට ඉගෙන ගන්න දෙන්නෑ කෑ ගහනවා. රෑට හොස්ටල් එකේ නිදාගන්න නෑ. බීලා වලි නැති මහන්තත්තකමක් මවාගන්නවා. බොරු කියනවා. ජපානෙ කන්නෙම දකුණේ අය. හොඳ අයත් ඉන්නවා. ඒත් බහුතරය එපා කරපු අය
අපි ශ්‍රී ලාංකිකෝ කියලා කියන තරම් බුද්ධිය පහළ වනතුරු ගෝත්‍රිකයන් හා සමානය.
මෙවැනි ජාතියකින් මිට වඩා හොඳ අදහස් බලාපොරොත්තු වෙන්න එපා.
මුලතිවු කදවුරේ 1930 සෙබළු මියගිය ඔක්කොම බහුතරය දකුණේ සහ කුරුණෑගල එකට අවසානය දක්වා සටන් කර මියගිය අවසන් පිරිස මරාගෙන මැරුන කාලතුවක්කු අංගනයේ මියගිය හතළිහක් පමණ සෙබළු ඔක්කොම දකුණේ,
රජ කාලයේ කුල අනුව ජාතිය බෙදා තිබුන මේ වර්ග කිරීමෙන් අපරාද සඳහා යොමු නොවෙන වර්ගයක් උඩරට සහ දකුණේ සිටිනවා. අපරාද සිදුවන්නේ පළාත් අනුව නොවේ ජනකොටස් වල ස්වභාවය මතය දුප්පත්කම නුගත් සමාජ ක්‍රමය ඉවහල් වෙනවා. සංක්‍රමික ඉන්දියානුවන් සිංහල හෝ දෙමල කතා කරමින් වාසය කරන අයගෙන් යුරෝපා සමාජ ක්‍රම පැතීම විහිළුවක්
මොනව කතා කරනවද මට නම් තේරෙන්නේ නෑ. ඒ වෙඩි වැදිලා ඉන්නෙත් මනුෂ්‍යයෙක්.. මොන වැරදි තිබුණත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මිසක් මේ වල් පල් කතා කරලා වැඩක් තියෙනවද?