IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


බොරු සාක්කියෙන් විත්තිකරු නිදහස්

(මනෝප‍්‍රිය ගුණසේකර)

අධිකරණයක් හමුවේ කරුණු තහවුරු කිරීම සඳහා අධිකරණයට පිළිගත හැකි හා විශ්වාසය තැබිය හැකි එක්සා ක්කිකරුවෙකුගේ සාක්කියක් වුවද ප‍්‍රමාණවත් වන නමුත් කරුණු සඟවන හා අසත්‍ය ප‍්‍රකාශ කරන සාක්කිකාරියකගේ සාක්කි මත පිහිටා විත්තිකරුවෙකු වරදකරු කිරීම නීතීනුකූල නොවන බව මිනීමැරම් නඩුවක විත්තිකරුවකු නිදහස් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු එම්.බී.සී.එස්. මොරායස් මහතා සඳහන් කළේය.

මීට වසර 12 කට ඉහත මරදානේදී පුද්ගලයකුට පිහියකින් ඇන මරා දැමීමේ සිද්ධියේ එකම ඇසදුටු සාක්කිකාරිය එම සිද්ධියට අදාළ කරුණු සඟවමින් හා අසත්‍ය කරුණු පවසන අයෙකු බවට නීතීඥ හේමන්ත කොඩිතුවක්කු මහතා ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එම සාක්කිකාරියගේ සාක්කි මත පිහිටා කටයුතු කිරීම ප‍්‍රශ්න සහගත බව සඳහන් කරමින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරනොමැති බව සඳහන් කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ මරදානේ පදිංචි මොහොමඞ් සියාම්ඞීන් නමැත්තෙකි.

2006 ඔක්තෝම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මරදානේදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව කලීල් මොහොමඞ් සස්මි නමැත්තාගේ මරණය සිදුකළ බවට නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා නඟා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී මෙම මරණය සිදුවු බව කියන නිවසේ පදංචිව සිටි ෆරීනා නමැත්තියක් සාක්කි දුන් අතර ඇය මෙම සිද්ධිය ඇසු දුටු එකම තැනැත්තිය බවට සාක්කි ඉදිරිපත් වු නමුත් සිද්ධිය සිදුවු දින මියගිය සස්මි නැමැත්තා කඩයට ගොස් කොත්තුවක් රැගෙන එන විට ඔහු සමඟ පිරිසක්ද පැමිණි බවත් තමා කුස්සියට ගිය විට එහි පැමිණි එක් අයෙකු තමාගේ කට වසාගෙන සිටියදී සාලයේ විවිධ ශබ්ද ඇසුණු බවත් පසු අවස්ථාවක තමා සාලයට ගිය විට සස්මි පිහි ඇණුම් කා බිම වැටී සිටි බවත්  පැවසුවාය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හේමන්ත කොඩිතුවක්කු මහතා ඇසු හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් සස්මි නමැත්තා තමා සමඟ එකට ජීවත්වු බව පොලිසියට හා ප‍්‍රශ්චාත් මරණ පරීක්‍ෂණය අවස්ථාවේදී දුන් සාක්කි වලදී හෙළි කොට ඇතත් මහාධිකරණය හමුවේ ඊට පරස්පර අන්දමේ සාක්කි දුන් බව ඇය පිළිගත්තාය. 



අදහස් (0)

බොරු සාක්කියෙන් විත්තිකරු නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 283 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 321 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1247 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site