IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බ්‍රසීල ජාතිකයෝ දෙදෙනා කොකේන් ගුලි 163 ක් වමාරති

(ටී.කේ.ජී.කපිල )

 

මත් කුඩු ගුලි ගිල දමා පැමිණි බ්‍රසීල ජාතිකයන් දෙදෙනාගෙන් මේ වන විට කොකේන් කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 950ක්  එළියට ගැනීමට හැකි වී ඇතැයි පොලිසිය කියයි.

 
ගුලි 163ක තිබූ එම කොකේන් තොගයේ වටිනාකම රුපියල් හාර කෝටි අසූ පන් ලක්ෂයක්   (4,85,00,000)  බව ද පොලිසිය පවසයි. 
 
30 හැවිරිදි පළමුව පැමිණි බ්‍රසීල ජාතිකයාගෙන් කොකේන් ගුලි 91 ක් සහ 24 හැවිරිදි දෙවෙනුව පැමිණි බ්‍රසීල ජාතිකයාගෙන් කොකේන් ගුලි 72 ක් ද ඒ ආකාරයට එළියට ගෙන තිබේ.
 
මොවුන් දෙදෙනා ඉකුත් 6/30 දින සහ 7/01 දින උදෑසන දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ යානා වලින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙත්දී  නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක සහ ශ්‍රීලාල් විජේවර්ධන යන මහත්වරුන්  විසින් අත්අඩංගුවට ගනු ලැබ    වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත බාරදී තිබිණි.

 
මෙම බ්‍රසීල ජාතිකයන් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ දින 7 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා මීගමුව මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදී තිබේ.

 
නියෝජ්‍යය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ටී.සී.ඒ.ධනපාල මහතාගේ අධීක්ෂණය සහ මෙහෙයවීම මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු පිරිසක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටිති.
 
 

 



අදහස් (4)

බ්‍රසීල ජාතිකයෝ දෙදෙනා කොකේන් ගුලි 163 ක් වමාරති

Mahee Monday, 02 July 2018 07:41 AM

ඔතැනින් ඔය සිද්ධිය ඉවරයි. මේ දෙන්නට සමහර විට දඬුවමක් ලැබෙයි. හැබැයි, මහ ඒජන්ත උන්නාන්සෙලා කවුද කියලා කවදාවත් එළියට එන්නේ නෑ. ප්‍රශ්න විචාරන කට්ටිය ඒක කවදාවත් එළියට දෙන්නේ නැහැ.

:       6       236

VISHWA Monday, 02 July 2018 07:58 AM

දැන් මෙහෙම මේ අයගේ මුහුණ ප්‍රසිද්ධ කළාම, මේ අයගේ මහා මොලකාරයින් ටික සීන් එකෙන් මාරු වෙන්න හදයි කියලා හරි මේක මේ දෙන්නගේ මානව හිමිකම් කඩවීමක් වෙනවා කියලා හරි හිතන්න මොලයක් නැද්ද?

:       212       43

Uditha Monday, 02 July 2018 10:03 AM

මහලොකුවට ප්‍රචාර දෙන්න එපා... කරුණාකරලා ඔය වැඩ වල මුදුන් මුල හොයලා ඒවාට පිළියම් කරන්න... අපේ සිංහල මිනිස්සුන්ට හැමදේම මතක තියෙන්නේ බොහොම ටික කාලයක්... පාලකයෝ මොනවද කරන්නේ..? අපේ ඡන්දෙන් පත්වෙලා ගිය මිනිස්සු.. කෝ මොනවද කරන්නේ රටට... කතා කරලා වැඩක් නැහැ... කලකිරෙනවා කතා කලොත්...

:       0       65

manoj Monday, 02 July 2018 01:18 PM

ලංකාවේ කාගෙහරි ඇනවුමකටනේ මේවා ගේන්න ඇත්තේ. දැන් ඉතින් ඇනවුම් කල අයගේ විස්තරත් මේ දෙන්නගෙන්ම අහල දැන ගන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site