IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බිරියට කාරයක් ගන්න ටියුෂන් ගුරු කුඩු ජාවාරමේ

(*** ඉන්දිකා රාමනායක සහ *** කොච්චිකඩේ වාර්තාකරු)

රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් හා කේරළ ගංජා තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි උපකාරක පන්ති ගුරුවරයකු ඇතුළු තිදෙනකු සීදුව ප්‍රදේශයේ දී පෙරේදා (26) පස්වරුවේ මීගමුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.

ගුරුවරයාට අමතරව අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා ඔහුගේ ගෝලයන් බවද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 152 ක් හා කේරළ ගංජා කිලෝ 5 ක් තිබූ බවද පොලිසිය කියයි.

 සැකකාර උපකාරක පන්ති ගුරුවරයා මට්ටක්කුලියේ පදිංචි හතළිස් හැවිරිදි පුද්ගලයකු බවටත්, ඔහු ගෝලයන් මාර්ගයෙන් මීගමුව අවට ප්‍රදේශයේ මත්කුඩු හා කේරළ ගංජා අලෙවි කරන බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇත.

එම තොරතුරු මත පොලිස් කණ්ඩායමක් ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් හෙළිවූ තොරතුරු මත මෝටර් රථයකින් මත්කුඩු හා ගංජා ප්‍රවාහනය කරමින් සිටි සෙසු සැකකරුවන් දෙදෙනා  සීදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්කුඩුද සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී බව පොලිසිය කියයි.

සැකකාර උපකාර පන්ති ගුරුවරයා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් මට්ටක්කුලියේ ජාවාරම්කරුවන්ගෙන් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා ලබාගෙන ජාවාරම් කරන බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පවසයි.

 මොහුට මෙම ගංජා ලබා දෙන ජාලය සම්බන්ධයෙන්ද පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී මත්කුඩු කිරීම සඳහා භාවිතා කරන විද්‍යුත් තරාදි 3ක් හා ජංගම දුරකතන 5ක් බාරයට ගත් බව පොලිසිය කියයි.

තම බිරිඳට මෝටර් රථයක් ලබා දීම සඳහා මෙම ජාවාරමේ නිරත වන බව උපකාරක පන්ති ගුරුවරයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇතැයි පොලිසිය පවසයි.

 මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් කොට්ටහච්චි යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

 



අදහස් (0)

බිරියට කාරයක් ගන්න ටියුෂන් ගුරු කුඩු ජාවාරමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site