තිළිණි ද සිල්වා
කැනඩාවේදී සිය භාර්යාව ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවූ ශ්‍රී ලාංකිකයකු එරටින් වහා පිටුවහල් කිරීමට කැනඩා රජය පියවර ගෙන ඇතැයි රේඩියෝ කැනඩා පුවත් සේවය පවසයි.
මෙලෙස එරටින් පිටුවහල් කරනු ලැබ ඇත්තේ සිවලෝගනාදන් තනබාලසිංහම් නැමැත්තෙකි.
2012 වසරේදී අගොස්තු මාසයේදී කැනඩාවේ මොන්ටි‍්‍රයල් නුවර පිහිටි ඔවුන්ගේ නිවසේදී සිය බිරිඳ වූ අනූජා බාස්කරන් නැමැත්තිය ඝාතනය කිරීමේ වරදට චූදිත ලාංකිකයා එරටින් පිටුවහල් කිරීමට කැනඩා ආගමන හා සරණාගත කවුන්සිලය තීන්දු කර තිබූ අතර එම පිටුවහල් කිරීමේ තීන්දුවට එරෙහිව ඔහු විසින් ගොනු කළ අභියාචන පෙත්සමක් ගොනු කිරීමත් සමඟ එම තීන්දුව තාවකාලිකව අත්හිටුවනු ලැබිණි.
තමන්ගේ පවුලේ අය සියලූ දෙනාම කැනඩාවේ ජීවත්වන හෙයින් එලෙස පිටුවහල් කිරීම නීතිවිරෝධී බව චූදිත ලාංකිකයා සිය අභියාචන පෙත්සමින් පෙන්වා දී තිබිණි.
පසුගිය හය වසරකට වැඩි කාලයක් පුරා පැවති එම අභියාචන පෙත්සමේ විභාගය ඉකුත් 06 වැනිදා අවසන් කරමින් චූදිත ලාංකිකයාගේ අභියාචනය ඉවත දමමින් ඔහු ව වහා ක‍්‍රියාත්මක වන පරිදි කැනඩාවෙන් පිටුවහල් කිරීමට තීන්දු කර ඇත.
ඒ අනුව ඔහු මේ සතිය ඇතුළත කැනඩාවෙන් මෙරටට පිටුවහල් කෙරෙනු ඇතැයි ද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ඇවිල්ල කොහෙද ඉන්නේ? හිරේද? ඔය විදියට එවන්න ගියාම ඔක්කොම අපරාදකරුවො ලංකාවේ පිරෙයි.
මිනී මැරීමට දඩුවම කෝ. දඩුවම රටින් පිටුවහල් කිරීමද
මොහු හා පවුලේ අනික් උදවිය ලංකාවෙන් පිටවෙලා ගියේ කොහොමද? මොන වීසා යටතේද කැනඩාවේ හිටියේ ? ඔවුන්ගේ පවුල් පසුබිම?
මිනීමරුවන් මෙරටට මොකටද? මේ මිනිහා ලංකාවට ආපු ගමන් හිරේට යවන්න.
එයාව පිටුවහල් කරලා තියෙන්නේ මිනි මරුවෝ යවන්න ඕන හොඳම රටට තමා
මොහු රටින් පිටුවහල් කල යුතුයි.
ලංකාවෙත් මිනිස්සු මරපු කෙනෙක් වෙන්න ඇති. මොහු ලංකාවට ආ විගස අත් අඩංගුවට ගත යුතුයි . කැනඩා නිතිය නැතත් ලංකා නිතිය මේ පුද්ගලයට දිය යුතුයි.
අනේ!!! නිකන් ඉන්න සිල්වා කොලුවා නමත් මාරු කරගෙන තව රටක් මොකටද ? අපිට අපේ රට රත්තරන් අන්තිමට එන්න වෙන්නේ මව්බිමට නොවැ...