IMG-LOGO

බයිසිකලයෙන් තරඟ කළ මන්ත්‍රීන්ට නොතීසි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
මහරගම නගර සභාව සඳහා බයිසිකලයේ ලකුණින් තේරී පත්වූ ස්වාධීන කණ්ඩායම් අංක 2 තේරී පත්වූ නාගරික මන්ත්‍රීවරු විසි තුන් දෙනෙකුගේ පත්කිරීම බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ස්වාධීන කණ්ඩායම් අංක  2 යටතේ තේරීපත් වූ නාගරික මන්ත්‍රීවරු විසි තුන් දෙනා ඇතුළු වගඋත්තරකරුවන් 27 දෙනෙකුට ලබන මස 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය අද (16) නොතීසි නිකුත් කළේය.


මහරගම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එල්. චන්ද්‍රසේන පෙරේරා විසින් ගොනු කළ මෙම පෙත්සම් අද (16) අභියාචනාධිකරණ හමුවේ කැදවූ අතර එය සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.


මෙම පෙත්සමේ සදහන් වන්නේ  පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ දී මහරගම නගර සභාව සඳහා බයිසිකලය ලකුණෙන් තරග කොට තේරී පත් වූ මන්ත්‍රීවරු විසිතුන්දෙනා එම නගර සභා බල ප්‍රදේශයට බැහැර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.


එසේම ඔවුන් දිවුලපිටිය, බඩල්ගම හා කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් කරන පෙත්සම්කරු පළාත් පාලන පනතට අනුව ඔවුන්ට මහරගම නගර සභාවේ මන්ත්‍රී ධූර දැරීම සඳහා කිසිදු සුදුසු කමක් නොමැති බවද පෙත්සම්කරු කියා සිටී.


මෙසේ තේරී පත් වූ මන්ත්‍රීවරු නගර සභාවේ රැස්වීම් සඳහාද නිසි ලෙස සහභාගී නොවන බවත් මේ නිසා නගර සභාවේ පරිපාලන කටයුතු අකර්මන්‍ය වීමේ අවධානමක් මතුව තිබෙන හෙයින් නීතියට අනුව අදාළ මන්ත්‍රී ධුර දැරීමට වගඋත්තරකාර මන්ත්‍රීවරුන්ට සුදුසුකමක් නොමැති බවට තීන්දු කොට ඔවුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
 



අදහස් (2)

බයිසිකලයෙන් තරඟ කළ මන්ත්‍රීන්ට නොතීසි

rocky Wednesday, 16 May 2018 09:52 AM

මහරගම ඉන්නේ පිටකොන්දක් නැති රැලක්ද? ඒ හින්දා වෙන්න ඇති ඔවුන්ව මේච්චර කල් කරන්න... බඩල්ගම වගේ ඈත පළාත්වලින් හයිරන්කාරයින් කල්ලියක් හොයා ගත්තේ!

:       4       6

kalani Thursday, 17 May 2018 08:29 AM

මහරගම ඉන්නේ කසේරුකාව තියෙන ක්ෂීරපායි කුලකයට අයත් ජනතාවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site