රොමේෂ් මධුෂංඛ
කිලිනොච්චිය මහරෝහලේ බැඳ තිබූ විශාල බඹර වද දෙකක් ඉවත් කිරීමට බඹර වද වලට ගිනිතැබීමට පියවර ගැනීමෙන් ගින්න ව්‍යාප්ත වීම වැළැක්වීමට කිලිනොච්චිය ගිනි නිවීමේ ඒකකය ද කැඳවීමට සිදුව ඇත.
රෝහල අසල පිහිටි තල් ගසක අදාළ බඹර වද දෙක බැඳ තිබූ අතර මේ දිනවල පවතින දැඩි පෑවිල්ල හා සුළං හේතුවෙන් බඹර වදය නිතර ඇවිස්සී රෝහල් කාර්ය මණ්ඩලයට හා රෝගීන්ට දෂ්ට කිරීම හේතුවෙන් ඇතිවූ ගැටලු සහගත තත්වය හේතුවෙන් මෙම බඹර වද ඉවත් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය විසින් පියවර ගනු ලැබීය.
කෙසේ වෙතත් බඹර වද ඉවත් කිරීමට බඹර වදයක ගිනි තැබීමෙන් පසුව තල් ගසටද ගින්න ඇවිලි විශාල ගින්නක් වශයෙන් ව්‍යාප්ත වීමට පෙර එය නිවා දැමීමට කිලිනොච්චිය ගිනි නිවීමේ ඒකකයට දැනුම් දී ගින්න නිවා දැමීමට කටයුතු කරන ලදී.
කෙසේ වෙතත් අදාළ බඹර වද වෙතට ගිනි තබා බඹරුන් විනාශ කිරීම සම්බන්ධයෙන් උතුරේ සත්ව හිංසා සංවිධාන විසින් විරෝධය පල කර ඇත.




COMMENTS
බිගු සුරැකුම් සංගමය ඉන්නවා නේද මේවගේ ඒවා ඉවත් කරන්න? වික්ටෝරිය වේල්ලේ ඒවා ඉවත්කරේ ඒගොල්ලෝ.
මෝඩ කමට බෙහෙත් නැත.බඹරු මරන්නේ නැතුව එලවන මිනිස්සු රටේ ඕන තරම් ඉන්නවා.
හරියට අර කොටියා මැරුව වගේ වැඩක් කරලා තියෙන්නේ. මරන්න විතරයි ද මන්දා දන්නේ.
අය කිරීමකින් තොරව හෝ අවම මිලකට ඉවත් කිරීම් කටයුතු කරන රාජ්‍ය ආයතන නැත්ද?
ඉතාම අමානුෂික ක්‍රියාවක්. මෙය කලවුන්ට නීති මගින් ක්‍රියා කල යුතුයි.
සමින්ද, අපිට හොඳටම පුළුවන් ඒවා වලින් එකක් නේ..... ඒකයි....