IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධ කරන්නැයි වාසු ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු)

ජනතාවගේ දැන ගැනීම සදහා මහ බැංකු කොමිසමේ වාර්තාව වහාම ප‍්‍රකාශයට පත්කළ යුතු බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතා අද(2) පැවසීය.

කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ජනතාව විශාල උනන්දුවක් දක්වන බැවින් එම වාර්තාව මාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත් කිරීමට රජය වහාම පියවර ගත යුතු බවද ඔහු කියා සිටියේය.

බොරුල්ල ඇන්. ඇම්  පෙරේරා  කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙම වාර්තාව රහසක්ව තබා ගැනීමට හෝ  චාරිත‍්‍රානුකූලව  එළි දැක්වීමට හෝ අවශ්‍යතාවයක් නොමැති බවත් මන්ත‍්‍රිවරයා කීය.

බැදුම්කර වාර්තාව ප‍්‍රකාශයට පත් කළ පසු   ජනතාව ඒ සම්බන්ධයෙන් දන්නා වූ තොරතුරුත් සමග එම වාර්තාවේ අඩංගු නිගමනයන් පිළිබඳ අර්ථකතන හා වැඩිදුර  ප‍්‍රශ්න කිරීම් සිදු කරනු ඇති බවද ඒ මහතා පැවසීය.



අදහස් (7)

බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධ කරන්නැයි වාසු ඉල්ලයි

Nandalal DE SILVA - France Tuesday, 02 January 2018 10:01 AM

මේ මනුස්සයට තියෙන හදිස්සියක් ! වාර්තාව ජනාධිපතිතුමාට භාරදී පැය කීපයක් යන්නත් පෙර මෙයාගේ දීර්ඝ නින්දෙන් දොඩොවනවා.... හෝව් පොඩ්ඩක්.

:       257       328

saliya Tuesday, 02 January 2018 10:11 AM

පරිනත වාමාංශික දේශපාලක තුමාගේ ඉල්ලීම ඉතා හොඳයි . නමුත් බැංකු කොමිසම වාර්තාව ඉල්ලන ගමන්ම , බරපතල දූෂණ 17 පිළිබඳ වාර්තාත් ඉල්ලුවා නම් වඩාත් හොඳයි නේද? ඒවත් දැන් සූදානම්ලු .

:       0       111

Sathyayaa Tuesday, 02 January 2018 10:15 AM

එතකොට වාසු තුමෝ, 2008 සිට 2015 පමණ කාලයේත් මහා බැංකුවේ සිදු වුනා යයි කියන මහා පරිමාණයේ වංචා හෙළි කරන්න කියා ඔබගේ ඔය ශ්‍රී මුඛය විවෘත නොවුනේ ඒ පිළිබඳව කොමිසමක් නොතිබීම හා වාර්තාවක් නිකුත් නොකිරීම නිසාද? අඩු වශයෙන් දැන් මෙවැනි වංචා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසක් හරි පත් කිරීම ගැන සතුටු වෙන්න ඕනේ නේද? එදයි අදයි අතර මොකක් හරි වෙනසක් තියෙනවා නේද? අනේ කට අරින්නකෝ !

:       407       686

BamunuarachchiTuesday, 02 January 2018 11:15 AM

එහෙම දෙවල් සිදුවෙලා තිබෙනවා නම් බැංකු හොරකමින් ලාභ ලබා ගෙදර ගිය ඇමතියා කටවහගෙන යයි කියා ඔබහිතනවාද? ඔබලාට පළමු ඕවා ගැන ප්‍රශ්න කොරන්නේ එයාල. එහෙමනම් ඇයි ඒගොල්ලෝ නිශ්ශබ්ද කියා හිතන්න මොලයක් නැද්ද? මෙතන වෙන්නේ නැට්ට බල්ලා හොලවනවා

:       0       0

Appuhami Tuesday, 02 January 2018 10:32 AM

අපේ තෙරතුරු දැනගැනීමේ පනත අනුව මේ අයගේ පැටිකිරිය දැනගන්න අපිට අයිතියක් තියෙනවා....හොරකම් කළේ අපේ සල්ලි...

:       0       6

Nimalakka Tuesday, 02 January 2018 11:15 AM

අනේ මෙහෙම අවාසනාවක් - අනේ මෙහෙම තණ්හාවක් - මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්....

:       0       0

Bamunuarachchi Tuesday, 02 January 2018 11:34 AM

වාසුට පමණක් නොව විෂය ගැන උනන්දු කාටත් හදිස්සීයි. අපිත් බලන්න බොහොම උනන්දුයි මොකද සාක්කි දිහා බලාසිටි අපිට අත් හැරුනේ මොනවාද කියා දැනගැනීම තිබෙන ආසාවට. රටට මෙතරම් හානිදායක දෙයක් මීට ප්‍රථම සිදුවී නැත. අවුරුද්දකදී රු. කෝටි දසදහස් ගණනක මුදලක් කීපදෙනෙක් අතරේ බෙදීයාමත් ඒ මුදල ජනතාව රජයට ගෙවීමත් මොනතරම් පාපයක්ද?

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site