IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බැඳුම්කර - බරපතල වංචා දුෂණ විවාදය මාසයකින් කල්යයි

ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනී

බැඳුම්කරය සහ බරපතළ වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා වල පරිවර්තන පිටපත් ලැබෙනතුරු ලබන 23 සිකුරාදා පැවැත්වීමට තිබූ ඒ පිළිබඳ විවාදය මාසයකට පමණ කල් දැමීමට සිදුවන බව කතානායක  කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

අදාළ විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රීක් මන්ත්‍රී විමල් විරවංශ මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා ඒ බව පැවැසීය.

විමල් වීරවංශ මහතා

බැඳුම්කර කොමිසමේ වාර්තාව භාෂා තුනෙන්ම නැති නිසා . ඒ වාර්තා වනතුරු බැඳුම්කර විවාදය කල් දැම්මා. ඒ විවාදය නැවත පැවැත්වෙනවද

කතානායක කරු ජයසූරිය මහතා 

භාෂා පරිවර්තනය සඳහා මාසයක් පමණ යනවා කියලා , ඊයේ මට ජනාධිපති කාර්යාලයෙන් ලිපියක් ලැබුණා . එහි පිටු දහස් ගණනක් තිබෙනවා ඒක දැන් රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුවේ හිරවෙලා තියෙන්නේ , නැත්නම් අපි ඒ විවාදය මේ සිකුරාදා කරන්න නියම කර ගෙන තාමත් ඉන්නේ ඒ අයගේ ප්‍රමාදය නිසා ඒක කල් දාන්න සිදුවෙයි. බරලතළ වංචා විමර්ශන වාර්තාව තියෙන්නේ සිංහලෙන් පමණයි ඉංග්‍රීසියෙන් තිබුණානම් ඒක ගන්න පක්ෂ නායකයෝ තීරණය කර ගෙන හිටියේ . මේක මගේ පමණක් තීරණයක් නොවෙයි.

විමල් වීරවංශ මහතා

භාෂා ත්‍රීත්වයම තිබුණනම් වඩා වටින බව පිළිගන්නවා  මේ වාර්තා දෙකෙන් එකයි සිංහලෙන් එවලා තියෙන්නේ ග බැඳුම්කර වාර්තාවේ ඉංග්‍රීසි පිටපත් දිලා තියෙනවා . ඒ නිසා සිංහලෙන් පමණක් දීපු ඒත් ඉංග්‍රීසියෙන් තියෙන බැඳුම්කර කොමිසමේ වාර්තාව විවාදයට ගන්න පුලුවන් නේද 

කතානායක 

දෙකම එකට ගන්න පක්ෂ නායක රැස්වීමේදි තිරණය කළේ . අපි නැවත රැස්වුණාම මගේ අදහස මම ඉදිරිපත් කරන්නම් 

විමල් වීරවංශ මහතා

ඕන පොඩි ළමයකුට වුණත්  තේරෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන වාර්තාව විවාදයට ගන්න පුලුවන්ද කියලා.

වාසුදේව නානායක්කාර  මහතා

කතානායකතුමා රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුව මත යැපිලා  මේක පරිවර්තනය කර ගන්න යනවානම්  ඒ සඳහා බොහෝ දීර්ඝ කාලයක් ගත වෙයි , ඒකේ ධාරිතාවය මම දන්න නිසා කියන්නේ , මේ සඳහා වෙනත් පරිවර්තකයෙක් සොයා ගැනීම වඩාත් සුදුසුයි .

බැඳුම්කර වාර්තාව විවාදයට ගැනීම වැළැක්වෙන ආකාරයට පරිවර්තන ගැටලුවක් මෙහෙම ආරම්භ කිරීම ඉතාම අසාධාරණයි. 

විශේෂයෙන්ම අගමැති තුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් තියෙන වෙලාව

කතානායක 

මාසයක් ඇතුළත දෙන්න සලස්වනවා කියලා ජනාධිපති ලේකම් වරයා දන්වා තිබෙනවා අපි බලමු.

විමල් වීරවංශ මහතා

මේ වාර්තා දෙකම විවාද කිරීමට ඉතාම ඉක්මනින් අත්‍යාවශ්‍යයි . තමන් කරපු හොරකම් තියෙන වාර්තා පස්සේ කතා කරන්නයි , වෙන අය  කරපු හොරකම්  ගැන වාර්තාව අද  කතාකරන්නයි කීම සාධාරණ නැහැ දෙකම දැන්ම කතා කරන්න ඕන.

ඒ නිසා කතානායකතුමා රාජ්‍ය භාෂා  දෙපාර්තුමේන්තුවටම යවන්නේ නැතුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හරි යොදවලා ඒක කරන්න.



අදහස් (0)

බැඳුම්කර - බරපතල වංචා දුෂණ විවාදය මාසයකින් කල්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 38 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 835 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site