(බිඟුන් මේනක ගමගේ)
ආන්දෝලනයට තුඩු දී ඇති දුරකථන ඇමතුම් පිළිබඳ විශ්ලේශනාත්මක දත්ත ඇතුළත් බැඳුම්කර වාර්තාවේ සී 350 ලේඛනයේ පිටපත් ජාතික ලේඛනාරාක්ෂක දෙපාර්තමේන්තුවෙන් දැන් ලබාගත හැකිව තිබේ.
එහි පළමු පිටපත ලබාගැනීමට ලංකාදීප පුවත්පතට හැකි විය.
මෙම ලේඛනය ලබාගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පසුගිය දිනවල ඉමහත් පරිශ්‍රමයක් දැරූ අතර එහි ප්‍රතිපලයක් ලෙස එය ඕනෑම අයකුට ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට අවසර දී ඇත.
පිටු 127 ක ස්කෑන් පිටපතක් රුපියල් 12,875 ක් වන අතර එහි සංයුක්ත තැටිය රුපියල් 5255 කට ලබා ගත හැකිය.
COMMENTS
පිටුවක් රුපියල් 101.37 ක් වෙනවා. සාමානයෙන් ඒ4 ප්‍රමාණයේ පිටුවක් ෆොටෝ කොපි කරන්න රුපියල් තුනයි යන්නේ. මම හිතන්නේ බැදුම්කර පාඩුව වාර්ථාවෙන් කවර් කර ගන්න වගේ යන්නේ.
බැදුම්කරෙන් වුන පාඩුව වහ ගන්න හොයාගන්න නියම ක්‍රමේ. එක කඩදාසියක් රුපියල් 100 ගානේ වික්කොත් මුළු බැදුම්කරේ පිටපත් සේරම ගත්තොත් තුන් හතර දෙනෙක් ඒ මුදලට තව ගෙවල් දෙකක් ගන්න පුළුවන්.
අපරාදේ තව වැඩියෙන් මිල දාන්න තිබ්බේ. ලොකු ආදායමක් ගන්න තිබුනා.
ස්කෑන් පිටපත් කියලා තිබුණේ දැක්කෙ නැද්ද ?
වැඩියෙන්ම ඇමතුම් දීලා තියේම කට්ටිය කවුද කියලා හෙළි කලොත් නේද හොඳ?
මේ වාර්තාව අවශ්‍ය කෙනෙකුට මුරපදය සඳහා රුපියල් 10.00 ක් අයකර, අන්තර්ජාලය හරහා ලබා දීමට තිබුනා.
නිකන් දෙන්න හොඳ නැහැ කොහොමත්. නැත්තන් බොරුවටත් ඕක ඉල්ලන්න යනවනේ. දැන් ඇත්තටම අවශ්‍ය අය බලාගන්න පුළුවන් ජනතාවට.
මේක රටට වුන ලොකුම වංචාව. ඒක බලන්නත් අපි සල්ලි දෙන්න ඕනද. හරිනම් රජයේ පත්තර වල පල කරන්න ඕන මුළු රටටම බලා ගන්න.
මට නම් නිකන් දුන්නත් එපා.
පහුගිය දවස්වල කිව්වේ ඒ දත්ත විකෘති කරලා කියලා.. එහෙනම් ඒවා වෙනස් කරලා දැම්මද දන්නේ නෑ. හොරු ටික බේරන්න..
නිහාල්, මොකද්ද ඕක ඔච්චරම හංගගෙන ඉන්නතරම් දෙයක්ද? රටටම බදු ගෙවන ජනතාවට දැනගන්න අයිතියක් නැත්ද? හරිනම් ඕක ජනමාධ්‍ය වල නොමිලේ ප්‍රසිද්ධ කරන්න ඕනේ මිනිස්සුන්ට දැනගන්න
රජය තොරතුරු දැනගැනීමේ නිදහස (RTI ) ගැන කතා කරනවා. මේකෙන් කරලා තියෙන්න ඒ තොරතුරු දැනගැනීමේ පනත උල්ලංගනය කිරීමක්නේ. සාමාන්‍ය ගුණාත්මක තත්වයේ DVD එකකට දමල දුන්නත් යන්නේ රු.50ක් විතර. මේක මාෆියාවක් වගේ ගණන් කියන්නේ.
ලංකාවේ ක්‍රමය අනුව, ඔය වාර්තාව හරියට වැරදිකාරයට දඩුවම් කරා වගේ. ඉතින් ඕක නිකුත් කරලා තව කීයක් හරි හොයාගෙන එකත් හොරකම් කරගෙන ගියත් අපේ අය ඔකේ තියෙන ඒවාට මෙතැනයි ගෙවල් වලයි ගහ ගන්න එක විතරයි වෙන්නේ.