IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බන්ධනාගාර නිලධාරීන්ගෙන් තුනෙන් එකක් මානසික විඩාවෙන්

(දිල්රුක්ෂි ග්‍රේරු)

 
බන්ධනාගාර නිලධාරීන්ගෙන්  තුනෙන් එකක්  මානසික විඩාවෙන් පෙළෙන බව සමීක්ෂණයකදී හෙළි වී තිබේ.
 
එම සමීක්ෂණයට අනුව  බන්ධනාගාර නිලධාරීන්ගෙන් 38.8% ක්  පෞද්ගලික නිපුණනතාවය අඩු වීම පිළිබඳ හැඟීමකින් පෙළෙන බව අනාවරණය  වී ඇති අතර මානසික වෙහෙස ගතිය පෙන්නුම් කළ ප්‍රතිශතය 98.6% කි. එමෙන්ම සිය  සේවාලාභීන් පිළිබඳ සෘණාත්මක හැඟීම් ඇති වීම හා ඔවුන්ගෙන් ඈත්වීම අත්දුටු ප්‍රතිශතය 26.9 %   ක් බව අනාවරණය වී තිබේ.
 
බන්ධනාගාර නිළධාරීන් හා පුනරුත්තාපන නිළධාරීන් 1803 ක්  මෙම සමීක්ෂණය සඳහා  සහභාගී කරවාගෙන ඇති අතර බන්ධනාගාර නිළධාරීන් ලෙස ප්‍රධාන වශයෙන් සහභාගි කරවාගෙන ඇත්තේ  බන්ධනාගාර නියාමකවරුන්ය.
 
වැලිකඩ  බන්ධනාගාරය, මහර ,  දුම්බර, ගාල්ල, බූස්ස, පෙළොන්නරුව, බදුල්ල, වාරියපොළ, කුරුවිට, කළුතර , මීගමුව,  කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාර,  කන්දේවත්ත, වීරවිල, වටරැක, කුරුවිට, වාරියපොළ යන වැඩ කඳවුරු මෙන්ම  පල්ලේකැලේ එළිමහන් සිර කඳවුර, අඹේපුස්ස, හබෝද නෙත් සෙවන , වටරැක තරුණ වරදකරුවන් සඳහා වූ පුහුණු මධ්‍යස්ථාන වල සේවය කරන බන්ධනාගාර නිළධාරීන් මෙම සමීක්ෂණයට දායක කර  ගෙන ඇත.
 
වෛද්‍ය නිමාලි විජේවර්ධන මහතත්මිය ‘බන්ධනාගාර නිළධාරීන්ගේ මානසික දාහය‘ පිළිබඳ  කළ විද්‍යාත්මක සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර එහි  අන්තර්ගතය   පිළිබඳ බන්ධනාගාර නිළධාරීන් දැනුම්වත් කිරීම හා එම සමීක්ෂණ වාර්තාව  අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ  අමාත්‍ය  තලතා අතුකෝරල  මහත්මිය සහ  සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පිළිගැන්වීමේ උත්සවයේදී මෙම තොරතුරු අනාවරණය විණි. 
 
එම උත්සවයේදී අදහස් දක්වමින්  බන්ධනාගාර  ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය සඳහන් කළේ  දවස පුරා බන්ධනාගාර රැඳවියන් අතර සිටින නිලධාරීන්  වගකීම් සහිතව රාජකාරී කටයුතු කිරීමේදී ඔවුන්ට මානසික ආතතීය ඇති විය හැකි බවයි. එමෙන්ම  වෙනත් රැකියාවන් මෙන් නොව බන්ධනාගාර නිලධාරීන්  ඉතා ඉවසීමකින් , වගකීමකින් යුතුව කටයුතු කළ යුතු පිරිසක් නිසා ඔවුන් ආතතියෙන් මිදී  රාජකාරී කළ යුතුබවද  සඳහන් කළාය.
 
රැදවියන්ගේ ලෙඩ රෝග , බෝවන සහ බෝ නොවන  රෝග සම්බන්ධයෙන් සොයා බලා ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන්  විශාල සහය ලැබෙන බවත්,  බන්ධනාගාර රෝහල්වලට අවශ්‍ය පහසුකම් සැපයිම සඳහා ඉදිරියේදී අවශ්‍ය කටයුතු කර බවත් සඳහන් කළ  අමාත්‍යවරිය  බන්ධනාගාර නිලධාරීන්ගේ කැපවීම ඉතා අගය කරන බවත්  සඳහන් කළාය.
 
එමෙන්ම  නිලධාරීන්ගේ මානසික  සෞඛ්‍ය මට්ටම යහපත් අයුරින් පවත්වාගනිමින් රාජකාරී කටයුතු සිදු කිරීමට අවශ්‍ය කටයුතු සකස් කර දෙන බවද සඳහන් කළාය.

 

(සමීක්ෂණ වාර්තාව පිළිගැන්වු අයුරු)



අදහස් (4)

බන්ධනාගාර නිලධාරීන්ගෙන් තුනෙන් එකක් මානසික විඩාවෙන්

sirimal Monday, 09 July 2018 12:33 PM

නිලධාරීන්ට ඔහොම නම් හිරකරුවන්ට කොහොම ඇද්ද?

:       3       74

Lapaya Monday, 09 July 2018 01:24 PM

විජේකලාගේ ලෙඩේ ආතතිය බෝවෙලා වගේ. තව මොබයිල් ෆෝන් ටිකක්, කුඩු පැකට් ටිකක් ඇතුළට ගෙනියන්න ආධාර අනුබල දුන්නම ඕක නිකම්ම මග හැරිලා යයි.

:       0       127

jayatissa Monday, 09 July 2018 02:17 PM

බන්ධනාගාර නිලධාරීන් ඉන්නේ නිතරම අපරාධකාරයින් එක්කමනේ. ඒ අයගෙත් දුක් අඳෝනාවල් නිතරම ඇහෙනවා දකිනවා. ඒ ගොල්ලත් මනුස්සයෝනේ. මාවත් බන්ධනාගාර රාජකාරියට තේරුණා. නමුත් වැවිලි සංස්ථාවට යන්නවීම ගැන අද මම සතුටු වෙනවා.

:       6       3

chathuri Monday, 09 July 2018 02:46 PM

මා දන්නා තරමින් රටේ හැම පවුලකින් කෙනෙකු හෝ දෙන්නකු මානසික පීඩාවෙන් ඉන්නේ... දොස්තර කෙනකුට කියන්න ගියත් ලෙඩාට වැඩිය දොස්තර මානසිකව වැටිලා තියෙන්නේ.. ලෙඩේට නෙමේ බෙහෙත් දෙන්නේ... මොනදේ තිබුණත් නැතත් මිනිසාට හිත සතුටු නැහැ. කළකිරිලා සමහර රටවල හිරේ හිටියත් සැපයි.. මිනිසා මිනිසාට ආදරෙයි අපේ රටේ මේදේ නැහැ. අම්මා, තාත්තා හඳුනන්නෙත් නැහැ.

:       0       111

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31083 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13226 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 37 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 878 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site