
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ ජයන්ත සමරකෝන්)
විද්‍යුත් ක්‍රමයට මුදල් ලබා ගනිමින් බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ තාප්පයට උඩින් තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් විසිකිරීමේ සංවිධානාත්මක කල්ලිය වන 12 දෙනාගේ කල්ලිය මෙහෙය වූ මහ මොළකරු "බොරැල්ලේ ලොක්කා"නැමත්තා මැගසින් බන්ධනාගාරය තාප්පය අසළ දී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
කොළඹ මැගසින් බන්ධනාගාරයේ තාප්පයට පිටතින් තහනම් භාණ්ඩ සහිත විශාල පාර්සලයක් විසිකරන අවස්ථාවේදී ම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම පුද්ගලයා සමඟ හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 10 ක්, ජංගම දුරකථන හතරක්, බැටරි හතක්, ඉයර් පෝන් එකක්, පිසින ලද කරවල පාර්සලයක්, තේ කොළ පාර්සලයක් සහ වේදනා ආලේප බෝතලයක් අඩංගු පාර්සලයක් පොලිස් භාරයට ගෙන ඇත.
මොහු කලක පටන් මෙම භාණ්ඩ විසිකිරීම විද්‍යුත් ක්‍රමයට මුදල් ලබා ගැනීමේ ක්‍රමයට කරගෙන ගොස් ඇති අතර, මෙම පාර්සලය දමා ඇත්තේ, 18 වන වතාවට බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මෙම 12 දෙනාගේ කල්ලියේ 9දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති අතර, බොරුල්ල පොලිස් ස්ථානාධිපති දුමින්ද බාලසූරිය මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
මෙය සතුටින් සිටින ආකාරය පෙන්වීමට එම පුද්ගලයින් බේරා ගැනීම සඳහා පොලීසිය හා ප්‍රිෂන් සමඟ සම්බන්ධ වූ පුද්ගලයින්ගේ සැකසුමකි. එසේ නොමැතිනම් මෙම නාට්‍යයට මේ ආකාරයෙන් වේගවත් කළ නොහැක. මට මේ ගැන සැකයක් තිබේ. ඔහු පාර්සලය විසි කරන විට අල්ලා ගත් බැවින්. ඒ කියන්නේ ඔහු අහුවෙන්න ඕන කියලා.
ප්‍රශංසා කළයුතු අගනා ක්‍රියාවක් ... කල් යල් බලා හොඳ සැලසුමක් සහිතව මනා ඉවසීමකින් යුතුව සිදුකළ අල්ලා ගැනීමක්. මේ සඳහා කැපවූ නිලධාරී මහත්වරුන්ට ජාතියේ ප්‍රණාමය ... !!!
ඇති යන්තම්... පිළිවෙලක් ඇති වැඩක් වුනා.
දැන් ගහලා අත් කඩන්න. කවුරුත් විරුද්ධ වෙන එකක් නැහැ.