IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බන්ධනාගාරගතවූවන් වෘත්තිය පුහුණුවෙන් පසු රැකියාවකට

(විනීතා එම් ගමගේ)
 
බන්ධනාගාරගතව සිරදඩුවම් විදින්නන්ට වෘත්තිය පුහුණුව ලබා දී ඉදිකිරීම් සේවාවන්හි සේවයේ යෙදවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
 
එහි පළමු පියවර සේ වසර හතකට අඩු සිර දඩුවම් විදින රැදවූවන් 500 දෙනෙක්  මහා පරිමාණ ඉදිකිරීම් සමාගම්වල සේවයේ යෙදවීමට පියවර ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්තාපන හා නිපුණතා සංවර්ධන) චන්දන ඒකනායක මහතා ලංකාදීපයට ඊයේ (25) පැවසීය.
 
මේ වැඩපිළිවෙලට මේ වනවිට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්  මේ වනවිටත් එම සිරකරුවන්ට වෘත්තිය පුහුණුව මෙන්ම මානසික තත්ත්වය ඉහළ දැමීමේ පුහුණුවක් ලබා දුන් බව ඒකනායක මහතා පැවැසීය.

පවතින ශ‍්‍රම හිඟයට පිළිතුරක් ලෙස මෙම වැඩපිළිවෙල ආරම්භ කළ බව කී කොමසාරිස්වරයා එහි සම්බන්ධීකරණය හා පහසුකම් සැපයීම ඇවන්ගාඞ් සමාගම විසින් කරන බව ද කීය.
 
මෙම පිරිස සේවය කරන අතරතුර ඔවුන්ගේ සේවා මට්ටම් පරික්ෂාවකින් පසු ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය සේවා සහතිකයක්  ලබාදීමට නියමිත බවත් හෙතෙම කියා සිටියේය.
 
ඉදිරියේ දී තවත් සිරකරුවන් මෙම වැඩපිළිවෙලට එක්කර ගන්නා බව පැවසූ ඒකනායක මහතා මොවුන් ගේ ද`ඩුවම් කාලය අවසන් වීමෙන් පසු විදේශ රැකියා සදහා යාමේ අවස්ථාව සකස් කර දීමට රජය මැදිහත්වන බව ද සදහන් කළේය.
 
මෙම වැඩපිළිවෙලේම කොටසක් ලෙස වරාය අධිකාරියට අවශ්‍ය බේකරි නිෂ්පාදන සැපයීමේ ගිවිසුමකට ඉදිරි සතියේ දී එළඹෙන බව ද හෙතෙම කියා සිටියේය.



අදහස් (0)

බන්ධනාගාරගතවූවන් වෘත්තිය පුහුණුවෙන් පසු රැකියාවකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 75 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 936 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site