(ජේ.ඉඳුරුවගේ)
කොළඹ - ගාල්ල මහා මාර්ගයේ බෙන්තොට දී අද (25) පෙරවරු 4.30 ට පමණ ලොරි රථයක් හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ගැටීමෙන් බෙන්තොට බෝධීන් වහන්සේ පිහිටි බිමේ ආරක්‍ෂිත තාප්පයේ ද හැපීමෙන් සිදුවූ අනතුරෙන් වාහන දෙකේම රියදුරන් ඇතුළු 15 දෙනෙකු පමණ තුවාල ලැබූ බව බෙන්තොට පොලිසිය පවසයි.
කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගත් ලොරි රථයක් හා මාතර සිට කොළඹ දක්වා ගමන් ගත් පුද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ රියදුරන් දෙදෙනාම කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර සෙසු තුවාලකරුවන් බෙන්තොට සහ අලුත්ගම රෝහල්වලට ඇතුලත් කල බව පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරින් තුවාල ලැබූ මගීන්ට ඉක්මන් සුවය ලැබේවා.