(නිමල කොඩිතුවක්කු)
බුද්ධාගම රැකීම සහ මහජන දේපළ අවභාවිතා කර සිල් රෙදි බෙදාදීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඒවා හොරුන් ආරක්ෂා කිරීම සඳහා හොරුන්ම ගොතන ප්‍රබන්ධ බවත් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ අද (11) කොළඹදී පැවසූහ.
ලලිත් වීරතුග මහතා ශුද්ධවන්තයෙක් කියා පිරිසිදු කරන අය නීතිය වෙනත් පැත්තකට හරවන්න හෝ නැවීමේ උත්සාහයක නිරත වන බවට සැකයක් මතුවන බවත් මේ සිද්ධිය සේම පැවති රජයට සහ වත්මන් රජයට එරෙහිව එල්ලවන සියලූ දුෂණ චෝදනා වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ.
මරදාන පිහිටි සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
COMMENTS
ස්වාමීනි, ඔබ වහන්සේගේ විවරණය ඉතාම කාලෝචිතයි......
ඔබ වහන්සේ කලාතුරකින් දකින ඇත්ත කතා කරන නියම බුද්ධ පුත්‍රයෙකි.
2500 වසරක් ඇති පාරිශුද්ධ භාවයෙන් බෞද්ධයන් රැකගෙන ආ අපගේ උතුම් වූ දහම නූගත් දේශපාලකයාට කඩේයන ජනතාවගෙන් බේරා ගැනීමට ඔබ වහන්සේ මේ කරන ලද උතුම් වූ ප්‍රකාශය විශාල පිටුවහලක් වෙන බව සත්‍යක් වේ. තමන්ගේ බල තණ්හාවට ඕනෑම දෙයක් කරන සමාජයක් රට තුළ බිහිවීම ජාතියේ අවාසනාව බව කිව යුතුය.
100% ක්ම එකඟ වෙමි. මෙය අපගේ බුදුසසුනට නිගා දෙන පිරිසට නොතේරීම දුකකි.
"ජාතික භික්ෂු පෙරමුණ" - මොන පක්ෂයේද කියලා නමින්ම පේනවනේ..
හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන මේ සත්‍ය අපේ රටේ නායක හාමුදුරුවන්ට වත් නොතේරෙන්නේ ඇයි? මිනිස්සුන්ගේ කෝටි ගාණක සල්ලි මංකොල්ල කාලා, පිට රටවල තැන්පත් කරලා රුපියල් දෙතුන් සීයක රෙදි කෑල්ලක් දීලා හරියනවද?
ඔබ වහන්සේට බොහොම ස්තුතියි. නැත්නං රටට වැරදි පණිවිඩ යන්නේ. ඕනෑම අපරාධකරුවන් සහ දූෂිතයන් අවසානයේ තමන් නිර්දෝශී වෙන්න පාවිච්චි කරන්නේ ආගම, රට, ජාතිය. මේ වගේ මිනිස්සු හැම ජාතියෙන්ම ඉන්නවා. ජනතාව අවබෝධයෙන් කටයුතු කළයුතුයි.
ඔය හැම එකෙන්ම කෙලවෙන්නේ අන්තිමට බුද්ධාගමට
හසිත මහත්තයෝ, පක්ෂය කුමක් වුවත් උන්වහන්සේ පල කරන්නේ සත්‍යය නම් එය පිළිගත යුතුයි. සමහරුන්ට නම් ඉතින් තමන්ගේ ලොක්කාට අධෝ වාතයක් ගියත් ඒක ඇහෙන්නේ මහාමෙරුවට හෙන ගැහුවා වගේනෙ!
අවසර හාමුදුරුවනේ, සිල් රෙදි බෙදීමට තීරණය කිරීම හිටපු ජනාධිපතිවරයාගේ නියෝගයක්. මම දන්නා හැටියට ජනාධිපතිවරයාගේ නියෝගයක් අභියෝගයකට ලක් කිරීමට මෙරට අධිකරණයකට බලයක් නැහැ. ලලිත් හා අනුෂ රජයේ නිලධාරීන් හැටියට ජනාධිපතිවරයාගේ නියෝග ක්‍රියාත්මක කල යුතුයි. එමනිසා මෙම නිලධාරීන් දෙදෙනාට දඬුවම් කිරීම වරදක්. අභියාචනාධිකරණයේදී මෙම නිලධාරීන් දෙදෙනා නිදහස් කරාවි. ඔය පක්ෂ පාට පැත්තකට දාලා අර අපේ නැගෙනහිර පළාතේ අපිට අහිමිවීගෙන යන බෞද්ධ සිද්ධස්ථාන, නටබුන් හා එම නටබුන් මත සුලුජාතින් ඔවුන්ගේ ආගමික ස්ථාන ඉදිකිරිම ගැන හොයාබලන ලෙස ගෞරව ප්‍රකාරව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි !.
අපේ හාමුදුරුවනේ, මහනායක හිමිවරුන්ගේ අදහස් මුලින්ම අහල ඉන්න ඕනෑ. අනික සිල් රෙදි බෙදීමෙන් පිනක් සිද්ධ වෙනවා. ඒ පින බුදුදහමට සම්බන්ධයි නේ ... මොකද පින විග්රහ කෙරෙන්නේ බුදුදහමෙනේ...