(විජේරත්න රත්නායක )
බදුල්ල ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී බාලක්‍රිෂ්ණන් මුරලිදරන් යන අයට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළ බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය.
අදාළ නඩු විභාගය ඔක්තෝබර් 23 වැනි දා දක්වා කල් තැබීය. බදුල්ල- පස්සර පාර දෙකේ කණුවේ පදිංචි එම්.එස්.සාජහාන් නමැති 36 හැවිරිදි පුද්ගලයකු සහ පස්සර පාර උඩවෙල පදිංචි ආර්.ජී.අසංග නමැති 26 හැවිරිදි පුද්ගලයකු මෙසේ ශරීර ඇප මත මුදාහැරිණි.
ඉකුත් 2 වැනි දා රාත්‍රීයේ බදුල්ල පස්සර පාර දෙකේ කණුව මංසන්ධියේ වෙළඳසැලක් අසළදී පුද්ගලයන් දෙදෙනෙකු තමන්ට පහරදුන් බවට අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් බදුල්ල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසු අදාළ සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd