ප්‍රේමතිලක පෙරමුණ
බදුරලිය කලවාන මාර්ගයේ අද සවස සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
කලවාන දෙස සිට බදුරලිය දෙසට ගමන් කළ ජිප් රථයක් සහ බදුරලිය දෙස සිට ගමන් කළ වෑන් රථයක් මුහුණට මුහුණ ගැනීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් වෑන් රථයේ ගමන් ගත් කුඩා පිරිමි ළමයෙකු හා කාන්තාවක් මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ජීප් රථයේ ගමන් කර ඇත්තේ වෛද්‍ය වරුන් පිරිසක් බවත් පොලිසිය පවසයි.
ජීප් රථයේ වායු බැලුන් ක්‍රියාත්මකවීම නිසා එහි ගමන් කළ අයට සිදුවූ අනතූර අවම වී ඇතැයි ද පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.